කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම මගින් විවිධ විදේශ මුදල් වලින් ගනුදෙනු කිරීමට අවස්ථාව

    July, 7, 2016

    කොමර්ෂල් බැංකුවේ විදේශ මුදල් ගිණුම් හිමියන් විසින් ශ‍්‍රී ලංකා රුපියල් වලට අමතරව පත්වාගෙන යන විවිධ විදේශ මුදල් ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමට අවස්ථාව ලබාදෙමින් බැංකුවේ අන්තර් ජාල බැංකුකරණ පහසුකම සඳහා නව මානයක් එක් කිරීමට බැංකුව කටයුතු කර තිබේ.

    මෙම ගනුදෙනු පාරිභෝගිකයාගේ නමින් තිබෙන ගිණුම් අතර ඇමරිකානු ඩොලරය, බි‍්‍රතාන්‍යය පවුම, යූරෝව, ඕස්ටේ‍්‍රලියානු ඩොලරය සහ ජපාන යෙන් ඇතුළු ප්‍රධාන විදේශ මුදල් 08 කින් සිදුකළ හැකිබව බැංකුව සඳහන් කරයි. සතියේ දින හතේ පැය විසිහතර පුරාම වසරේ දින 365 තුළම මෙම පහසුකම ලබාගත හැක.

    www.combank.lk ලිපිනය දරණ කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ වෙබ් අඩවිය භාවිතා කරන්නන් ඔවුන්ගේ රුපියල් ගිණුමට සම්බන්ධ වූ පුළුල් සේවාවන් මාලාවක පහසුව මේ වනවිට භුක්ති විඳී.

    බැංකුවේ අන්තර්ජාල බැංකු සේවා මගින් ජංගම, ඉතිරිකිරීමේ, ආයෝජන, ණය, සහ ණයපත් ගිණුම්වල ශේෂය පරීක්ෂා කිරීම සඳහා ගනුදෙනු කරුවන්ට අවස්ථාව ලබාදී තිබෙන අතර දිනයේ පැය විසිහතර පුරා තම ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම සඳහාද අවස්ථාව ලබාදී ඇත. මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමි තෙවන පාර්ශවයකටත් ලියාපදිංචි වී මේ ආකාරයෙන් අරමුදල් හුවමාරු කිරීමේ පහසුකම ලබාගත හැකිය. මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ www.combank.lk වෙබ් අඩවිය ඔස්සේ බැංකුවේ අන්තර් ජාල බැංකු ගනුදෙනු කරුවන්ට ස්ථාවර තැන්පතු, පුද්ගලික ණය සහ නිවාස ණය යන පහසුකම් ලබාගැනීම සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම, මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ ලියාපදිංචි වෙමින් කොටස් මිලදී ගැනීම වැනි අවස්ථාද හිමිකර දී තිබේ.

    එසේම, කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේදී ලබාදන අන්තර්ජාල බැංකු පහසුකම් මගින් අංශ 09 කට අයත් ආයතන 36 කට අධික සංඛ්‍යාවක බිල්පත් අන්තර්ජාලය හරහා ගෙවීමේ අවස්ථාව ගනුදෙනු කරුවන්ට ලබාදී ඇත. දුරකතන, විදුලි, ජල, ණයපත්, රක්ෂණ, ගාස්තු ගෙවන රූපවාහිනී, අධ්‍යාපනය, ක‍්‍රීඩා සහ විනෝදාස්වාද කටයුතු මෙන්ම අනිකුත් ගාස්තු යන ඒවා මෙයට ඇතුළත්ය.

    අපගේ අන්තර්ජාල බැංකුකරණ පහසුකමේ තිබෙන නම්‍යතාවය අඛණ්ඩවම වර්ධනය වෙනවා. එයින් බලාපොරොත්තු වන්නේ බැංකුව විසින් පාරිභෝගිකයින්ට ලබාදෙන සේවාවන්හි පහසුව උපරිමයෙන් වර්ධන කිරීමයි යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ඊ- බැංකුකරණ සහ පේ‍්‍රෂණ අංශයේ ප‍්‍රධාන කළමනාකරු, ප‍්‍රදීප් බන්දුවංශ මහතා සඳහන් කළේය. “මෙම පහසුකම හරහා විවිධ විදේශ මුදල් ගනුදෙනු සඳහා අවස්ථාව ලබාදීම ඉතා ඉහළ ප‍්‍රගතියක් වන අතර එයින් ඉතාමත් වැදගත් පාරිභෝගික කණ්ඩායමක් වෙත සෙත සැලසෙනවා. ඔවුන්ට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට මෙම සේවාවන් ලබාගැනීමට හැකිවීම ඉහළ වටිනාකමක් ගෙන දෙනවා.”

    ප‍්‍රමුඛතම තාක්ෂණික රාමුවක් මත පදනම් වී තිබෙන කොමර්ෂල් බැංකුවේ අන්තර් ජාල බැංකු සේවා භාවිතා කරන්නාට ඉතාමත් පහසු මෙන්ම මූල්‍ය ගනුදෙනු කිරීම සඳහා විශාල ආරක්ෂාවකින් යුක්තය.

    බැංකුවේ අන්තර් ජාල බැංකු සේවාව මගින් ප‍්‍රවෘත්ති බ්ලොග් අඩවි, විදේශ විනිමය අනුපාත සහ කොමර්ෂල් බැංකුවේ නිවාඩු දින බැංකු මධ්‍යස්ථාන, දින 365 විවෘත බැංකු මධ්‍යස්ථාන, වැඩි වේලාවක් සේවා ලබාදෙන බැංකු මධ්‍යස්ථාන සහ සුපිරි වෙළඳ සැල් බැංකු මධ්‍යස්ථාන පිහිටි ස්ථාන ඉදිරිපත් කරයි.

    ඉතාමත් සුප‍්‍රසිද්ධ සෙවුම් යන්ත‍්‍ර හරහා වඩාත්ම සොයන වෙබ් අඩවි අතරට කොමර්ෂල් බැංකු වෙබ් අඩවියද ඇතුළත් වන අතර එය ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රසිද්ධ බැංකු වෙබ් අඩවියයි. මේ අනුව, කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය ගූගල් හරහා වාර්ෂිකව සොයන ප‍්‍රමාණය 1,000,000 කට අධිකය. මෙම වෙබ් අඩවියට පිවිසෙන අයගෙන් 75% ක් දේශීය ප‍්‍රජාව වන අතර අනිකුත් පිරිස පැමිණෙන්නේ ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ එක්සත් අරාබි එමිරේට්ස් වැනි රට වලිනි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම පස් වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුවයි. මෙරට බැංකුවක් සතුව තිබෙන දැවැන්තම ඉලෙක්ට්‍රොනික මුදල් නිකුත් කිරීමේ පහසුකම ලෙසින් බැංකුව සතුව මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 628 ක් සහ බැංකු ශාඛා 250 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටී. මේ අතර, සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු ඉතාලියේ සිදුකිරීමට බැංකුවට පසුගියදා බලපත‍්‍රයක් හිමිවිය.