June, 8, 2016
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් විසින් අළුතින් හඳුන්වා දී තිබෙන ‘ඉසුරු’ ළමා ඉතිරිකිරීමේ සැලසුම තුලින් දරුවන් වෙනුවෙන් ඉතිරි කරන මුදල් ඔවුන්ට අවුරුදු 18 ක් සපිරෙන විට රුපියල් මිලියන ගණනක් දක්වා වර්ධනය කර ගැනීමේ අවස්ථාව උදා වේ.
බැංකුව විසින් දශක දෙකකට පෙර ළමුන් වෙනුවෙන් හඳුන්වා දී තිබෙන ‘ඉසුරු’ ඉතිරි කිරීමේ සැලසුමෙහි හයවන අදියර වශයෙන් මෙම නව ‘ඉසුරු’ ළමා ඉතිරි කිරීමේ ගිණුම ආරම්භ කර තිබෙන අතර ප්‍රතිලාභි දරුවන්ට අවුරුදු 18 ක් සම්පූර්ණ වනවිට රුපියල් මිලියන 8.8 ක් දක්වා මුදල් ඉතිරි කර ගත හැක.
මෙරට ප්‍රමුඛතම ළමා ඉතිරි කිරීමේ සැලසුමක් වන කොමර්ෂල් බැංකුවේ ‘ඉසුරු’ සැලසුම මගින් ඉතිරි කිරීමේ විකල්ප දෙකක් හඳුන්වා දී තිබේ. මේ අනුව, ළමුන් සඳහා ‘ඉසුරු’ ළමා ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන දෙමව්පියන්ට හෝ වෙනත් ඕනෑම අයෙකුට මාස්පතා මුදල් ඉතිරි කිරීම හෝ එකවර ගෙවීමකින් මුදල් ඉතිරි කිරීමේ අවස්ථාව හිමිවේ.
එකවර ගෙවීමකින් ‘ඉසුරු’ ඉතිරි කිරීමේ සැලසුමේ මුදල් තැන්පත් කරන්නන්ට ගිණුම කල් පිරෙන විට (ළමයාට අවුරුදු 18 ක් සපිරෙන විට* ලබාගත හැකි සමස්ත ශේෂය තීරණය වන්නේ ගිණුම විවෘත කරන විට ළමයාගේ වයසයි. මාස්පතා මෙම ගිණුමේ එකඟ වූ මුදල් ප්‍රමාණයක් තැන්පත් කරන විට මාස්පතා තැන්පතුව කිරීමට එකඟ වන දිනය, මාස්පතා ගෙවීමට එකඟවන මුදල, තැන්පතු කාල සීමාව සහ ගිණුම විවෘත කරන විට ළමයාගේ වයස් සීමාව යන කරුණු ගිණුම කල් පිරෙන විට ලබාගත හැකි අවසාන ශේෂය සඳහා හේතුවේ.
මාසික තැන්පතු විකල්පය යටතේ දිනක් වයසැති ළමයෙකුගේ සිට අවුරුදු 10 ක් වයසැති ළමයෙකු දක්වා ‘ඉසුරු’ ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කළ හැකි අතර දෙම්ව්පියන්ට මාස්පතා රුපියල් 500 ක සිට රුපියල් 20,000 ක් දක්වා රුපියල් 500 ක් බැගින් වැඩිවන ආකාරයට තමන් කැමති මුදලක් අවුරුදු 05 ක් හෝ 10 ක් සඳහා තැන්පත් කළ හැකිවේ.
අවුරුදු 10 ඉතිරි කිරීමේ සැලසුමක් ළමයෙකු උපදින විට ආරම්භ කර මාසිකව රුපියල් 20,000 ක් බැගින් අවුරුදු 10 ක් තැන්පත් කළවිට එම ළමයාට අවුරුදු 18 ක් සපිරෙන විට එම ගිණුමේ ශේෂය ලෙස රුපියල් මිලියන 8.8 ක් ලබාගැනීමේ අවස්ථාව ඇත.
කොමර්ෂල් බැංකුවේ ‘ඉසුරු’ ළමා ඉතිරි කිරීමේ සැලැස්මේ ඉතාමත් වැදගත් අංගය වන්නේ ගිණුමේ මුදල් තැන්පත් කරන්නා මියයෑම හේතුවෙන් ගිණුමට මුදල් තැන්පත් කිරීම නතර වූ අවස්ථාවක බැංකුව විසින් පොරොන්දුවී තිබෙන අවසාන ශේෂය අදාළ ළමයාට අවුරුදු 18 සපිරෙන විට කිසිදු අඩුවකින් තොරව පිරිනැමීමට බැංකුව ක්‍රියා කිරීමයි.
මෙම ගිණුමේ එකවර ගෙවීමකින් මුදල් තැන්පත් කිරීම තෝරා ගන්නා දෙමව්පියන් ළමයාගේ උපතේ සිට ළමයාගේ අවුරුදු 10 උපන් දිනය දක්වා ඕනෑම දිනයකදී රුපියල් 5000 සිට රුපියල් මිලියනයක් දක්වා වන මුදලක් තැන්පත් කළ හැකිය. උපතේදි රුපියල් මිලියනයක මුදලක් තැන්පත් කරන විට අවුරුදු 18 සපිරෙන විට එම ළමයාට රුපියල් මිලියන 5.7 කට වැඩි අවසාන ශේෂයක් හිමිකර ගැනීමේ අවස්ථාව ලැබේ.
‘‘ඉසුරු ඉතාමත් නම්‍යශීලී ඉතිරි කිරීමේ සැලසුමක්. දෙමව්පියන්ට තමන්ට හැකි පරිදි තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරි කිරීමට මේ මගින් අවස්ථාව ලබාදෙනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සඳහන් කළේය. ‘‘දිගුකාලීන ඉතිිරි කිරීමේ සැලසුමක් වනවිට දෙමව්පියන් බැංකුවේ මූල්‍ය ශක්තිය, ස්ථායිතාවය සහ කීර්තිය වැනි කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. මේ ආකාරයෙන් බැලූ විට කොමර්ෂල් බැංකුව මේ වනවිටත් මෙරට ප්රමුඛ බැංකුවක් ලෙස කීර්තියට පත්වී තිබෙනවාx’’
‘ඉසුරු’ ළමා ඉතිරි කිරීමේ සැලසුමට අමතරව කොමර්ෂල් බැංකුව සතුව ඉතාමත් ජනප්‍රිය ‘අරුණළු’ ළමා ඉතිරි කිරීමේ ගිණුම තිබෙන අතර මෙම ගිණුම් හිමියන් අධ්‍යාපනික වශයෙන් ලබාගන්නා ජයග්‍රහණ වෙනුවෙන් ප්රතිලාභ හිමිකර දීමටද මෙම ගිණුම මගින් කටයුතු කරයි.
Video Story