February, 23, 2026
කොමර්ෂල් බැංකුව තම ගනුදෙනුකරුවන් පිළිබඳ කැපවීම නැවතත් සනාථ කරමින් බැංකුවේ ප්‍රේෂණ ලබන්නන් හට 2026 සිංහල හා දෙමළ අවුරුදු සමය සඳහා රුපියල් මිලියන හයක ප්‍රතිලාභ පිරිනමන පිට රට වාසි සෘතුමය ප්‍රවර්ධන වැඩසටහන නැවතත් දියත් කර ඇත.
තෙවන වසරටත් පවත්වනු ලබන මෙම වැඩසටහන, RemitPlus වේදිකාව ඔස්සේ ලැබෙන ප්‍රේෂණ සඳාහා රුපියල් මිලියන 1ක මහා ත්‍යාගයක් සහ රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග 100 ක් ද පිරිනමනු ලබයි. මෙම වැඩසටහන 2026 අප්‍රේල් 15 වන දින දක්වා වලංගු වේ.
මෙම වසරේ පිට රට වාසි වැඩසටහන තුලින්, කොමර්ෂල් බැංකුවේ RemitPlus හරහා ප්‍රවර්ධන කාලය තුල මුදල් ලබා ගන්නා ගනුදෙනුකරුවන් 100 දෙනකු සතිපතා දිනුම් ඇදීමක් මගින් තෝරාගෙන ඔවුනට රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග පිරිනමන බව බැංකුව පවසයි. ප්‍රවර්ධන කාලය අවසානයේදී ප්‍රේෂණ ලබා සුදුසුකම්ලත් සියලුම ගනුදෙනුකරුවන් අතරින් එක් සුපිරි ත්‍යාගලාභියෙකු තෝරා රුපියල් මිලියන 1ක මුදල් ත්‍යාගය පිරිනමනු ලැබේ.
දිනුම් ඇඳීම සඳහා සුදුසුකම් ලබන්නේ RemitPlus තුළින් කොමර්ෂල් බැංකු ගිණුම් වලට සෘජුවම බැර කරන ප්‍රේෂණයි. ජයග්‍රාහකයින්ගේ නම් බැංකුවේ සමාජ මාධ්‍ය නාලිකාවල මාර්තු මස මුල සිට ප්‍රකාශයට පත් කරන බව බැංකුව පවසයි.
කොමර්ෂල් බැංකුවේ RemitPlus යෙදවුම නවීන, වියදම් අඩු, තත්‍ය කාලීන, මාර්ගගත, ප්‍රේෂණ සේවාවකි. එමඟින් විදේශගත වූ ශ්‍රී ලාංකිකයින්ට ලොව පුරා බොහෝ රටවල්වලින් ක්ෂණිකව මුදල් යැවීමට හැකියාව ලැබේ. රටවල් 130කටත් වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සහ ව්‍යාපාරික හවුල්කරුවන්ගෙන් සැදුම් ලත් ජාලයක් හරහා කොමර්ෂල් බැංකුවේ RemitPlus සේවාව මගින් මුදල් ලබාගන්නන්ගේ කොමර්ෂල් බැංකු ගිණුම් වෙත දවසේ ඕනෑම වේලාවක හා වසරේ ඕනෑම දිනක ප්‍රේෂණ මුදල් ක්ෂණිකව බැර කෙරේ.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
Video Story