August, 18, 2020
කොමර්ෂල් බැංකුව සහ Tenaga Car Parks (Pvt) Ltd' ඇතිකර ගෙන තිබෙන ඒකාබද්ධතාවය හමුවේ කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම් හිමියන්ට Tenaga විසින් කළමනාකරණය කරන වාහන නැවැත්වීමේ ස්ථාන වෙත ඇප් එකක් මගින් ගෙවීමට අවස්ථාව ලබාදී තිබේ.
මෙම විසඳුම මේ වනවිට සෘජුවම ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකුකරණ අයදුමට ඒකාබද්ධ කර තිබෙන නිසා ගිණුම් හිමියන්ට කාඞ්පත් ස්පර්ශ කිරීමකින් සහ මුදල් ගෙවීමකින් තොරව ඉතාමත් පහසුවෙන් ඩිජිටල් ආකාරයෙන් ගෙවීම් කිරීමට අවස්ථාව හිමිවේ.
මෙම පහසුකම සක්‍රීය කර ගැනීම සඳහා ‘ෆ්ලෑෂ්’ ගිණුම් හිමියන් විසින් කළ යුත්තේ ‘ෆ්ලෑෂ්’ ඇප් පහසුකමේ මුල් පිටුවේ තිබෙන ‘Street Parking’ අයිකනය ක්ලික් කර තමන්ගේ වාහනයේ අංකය ලියාපදිංචි කිරීම පමණි. පසුව, තමන්ගේ වාහනය Tenaga වාහන අංගනයක නතර කිරීමට අවශ්‍ය වූ විට ලියාපදිංචි වූ ගිණුම් හිමියන් කළ යුත්තේ තමන්ගේ ජංගම දුරකතන ඇප් සේවාව මගින් වාහනය නතර කරන වේලාව සහ ගෙවීම දැක්වීම පමණි. මේ නිසා, ගෙවීමේ ස්ථානයකට හෝ මුදල් අයකරන පුද්ගලයෙකු වෙතට යෑමට ‘ෆ්ලෑෂ්’ ගිණුම් හිමියාට සිදු නොවේ.
මෙම පහසුකම එළිදැක්වීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘Tenaga සමග අපි ඇතිකර ගත් ඒකාබද්ධතාවය මගින් උත්සාහ කරන්නේ අපගේ පාරිභෝගිකයින්ට තාක්ෂණය තුළින් තව තවත් පහසුව ඇති කිරීමටයි. ස්පර්ශ කිරීමකින් තොරව ඩිජිටල් ආකාරයෙන් මුදල් ගෙවීමේ මෙම පහසුකම මගින් අපගේ ගනුදෙනුකරුවන් පෝලීම්වල නොතියා මුදල් ගෙවීමේ යන්ත්‍ර සොයායෑමේ පීඩනය නැතිකර දැමීමට අපි බලාපොරොත්තු වුණා. මේ තුළින් වාහන නතර කළ බිල්පත නැතිවීම හෝ ඒ වෙනුවෙන් දඩ ගෙවීම වැනි ගැටලූ වලට අපගේ ගනුදෙනුකරුවන් පත්වෙන්නේ නෑ.’
Tenaga Car Parks (Pvt) Ltd' ස්මාර්ට් පාර්කිං සහ වාහන තදබදය කළමනාකරණ විසඳුම් ලබාදීමේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී සමාගමයි. සෑම මෝටර් රථ නතර කිරීමේ ස්ථානයකටම වෙන වෙනම වාහන නතර කිරීමේ කළමනාකරණ උපායමාර්ග සකස් කිරීම, වාහන තදබදය කළමනාකරණ සේවා සහ තාක්ෂණික මෙන්ම උපදේශන සේවා ලබාදීම මෙම සමාගමේ සේවා අතරට ඇතුළත් වේ. ඉහළම තාක්ෂණය සහ පළපුරුදු සේවකයින් තුළින් මෙම සමාගම පසුගිය වසර 20 ක කාලය තුළදී ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව යන රට වලට ස්මාර්ට් පාර්කිං විසඳුම් ලබාදී තිබේ.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා (දකුණේ සිට සිව්වැන්නා) සහ Tenaga Car Parks (Pvt) Ltd' සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සහ කළමනාකාර අධ්යක්ෂ, දුමින්ද ජයතිලක මහතා අදාළ ගිවිසුම හුවමාරු කරගනී. මෙම අවස්ථාවට (වමේ සිට) ඩිජිටල් පේමන්ට් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඞ් සමාගමේ අධ්යක්ෂ, සංජීව් අලස් මහතා සහ ප්‍රධාන විධායක නිළධාරී සහ කළමනාකාර අධ්යක්ෂ, මුෆඞ්ඩල් ලූක්මන්ජී මහතා, Tenaga Car Parks (Pvt) Ltd' සමාගමේ ව්‍යාපාරික සංවර්ධන අංශයේ සහ විධාන මධ්‍යස්ථානයේ ප්‍රධානී, ඩිල්හාන් එන්. මැතිව් මහතා, කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ඒකකයේ ප්‍රධානී, ප්‍රදීප් බන්දුවංස මහතා, ඩිජිටල් බැංකුකරණ ඒකකයේ කළමනාකරු, අනුෂ් ගුණරත්න මහතා සහ ඩිජිටල් බැංකුකරණ ඒකකයේ නිළධාරී, නුවන් සුදුසිංහ මහතා සහභාගී විය.
Video Story