කොමර්ෂල් බැංකුවේ 51 වන වාර්ෂික මහ සභා වාරය පළමු වරට අන්තර්ජාලය ඔස්සේ පවත්වයි

    July, 1, 2020

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ 51 වන වාර්ෂික මහ සභා වාරය (AGM) පළමු වතාවට අන්තර්ජාලය ඔස්සේ 2020 ජුනි 25 වන බ‍්‍රහස්පතින්දා පවත්වන ලදී. කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ සමාජ දුරස්ථභාවය රැකගැනීමේ අවශ්‍යතාවයට ප‍්‍රමුඛත්වය ලබාදෙමින් මේ ආකාරයෙන් මහ සභා රැස්වීම පැවැත්වීම කැපී පෙනේ.

    මේ අනුව, බැංකුවේ යුනියන් පෙදෙසේ පිහිටි ශාඛාවේ ශ‍්‍රවනාගාරයේ සිට Zoom ඔස්සේ සජීවීව මහ සභා වාරයේ කටයුතු විකාශය කළ අතර කොටස්කරුවන්ට අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ලබාදීමට අවකාශය දෙන election buddy පද්ධතිය මගින් ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඉඩදුන් බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ වැඩිපුරම සම්මානයට පාත‍්‍රවූ පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වසරේදී බැංකුවේ සියවස සැමරූ අතර සේයාරුවෙන් දැක්වෙන්නේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අන්තර්ජාලය ඔස්සේ මහ සභා රැස්වීම පවත්වන ආකාරයයි.