March, 17, 2016
ප්‍රදේශයේ ක්ෂුද්‍ර, කුඩා සහ සුළු පරිමාණ ව්‍යවසායකයින්ට මෙන්ම වාණිජ පරිමාණයේ කෘෂි කාර්මික ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම සඳහා කොමර්ෂල් බැංකුව සිය 14 වන කෘෂි කාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකකය (AMFU) ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුවේදී පසුගියදා විවෘත කරන ලදී.
මෙම නව ඒකකය විවෘත කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ නෙළුව ශාඛාවට වසර 10 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ උත්සවයට සමගාමීවයි.
මෙම නව ක්ෂුද්‍ර මූල්‍යන ඒකකය ප්‍රදේශයේ ව්‍යාපාරවල ධාරිතාවය වර්ධනය කර ගැනීමට, මෙහෙයුම් පුළුල් කර ගැනීමට, අළුත් උපකරණ මිලදී ගැනීමට සහ නව තාක්ෂණය සඳහා පිවිසීමට නෙළුව, උඩුගම සහ මතුගම යන කොමර්ෂල් බැංකු ශාඛා සමග ඉතාමත් සමීපව කටයුතු කරනු ඇතැයි බැංකුව සඳහන් කරයි. මෙම ප්‍රදේශයේ කෘෂි කාර්මික කටයුතු අතර මහා පරිමාණ තේ වතු සහ කුඩා තේ වතු, රබර් වතු, වී ගොවිතැන, කුරුඳු සහ ගම්මිරිස් වගාවන් මෙන්ම කුරුඳු නිෂ්පාදනය ප්‍රමුඛ වේ.
ජනතාවගේ කෘෂි කාර්මික ක්‍රියාකාරකම් හෝ කුඩා ව්‍යාපාරයන් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයන් සඳහා සහයෝගය ලබාදෙමින් කොමර්ෂල් බැංකුවේ කෘෂි කාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකරයි. මීට අමතරව, මෙම ඒකක කෘෂි කාර්මික ණය සහ ක්ෂුද්‍ර මූල්‍යන පහසුකම් ප්‍රවර්ධනය කිරීම මෙන්ම පාරිභෝගිකයින්ගේ ප්‍රශ්න සහ අසීරුතාවයන් විසඳීම සඳහාම කැපවී සිටී. ඉලක්කගත අංශවල ව්‍යවසායකයින්ගේ දැනුම සහ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීමටද අවශ්‍ය වැඩසටහන් මෙම ඒකක විසින් සංවිධානය කරයි.
රත්නපුරය, නාරම්මල, මහනුවර, අනුරාධපුරය, කිලිනොච්චිය, බණ්ඩාරවෙල, මොණරාගල, හිඟුරක්ගොඩ, ගලේවෙල, අච්චුවේලි, වව්නියාව, තිස්සමහාරාමය සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල බැංකුවේ කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක පිහිටුවා ඇත.
සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ නෙළුව නව කෘෂි කාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකකය (AMFU) විසින් මූල්‍යනය කළ වාහනයකට අදාළ යතුරු බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකු III සහ සුළු හා මධ්‍යම පරිමාණ අංශය දෙලක්ෂන් හෙට්ටිආරච්චි මහතා විසින් උත්සවාකාරයෙන් භාරදෙන අන්දමයි. මෙම අවස්ථාවට බැංකුවේ නිළධාරීන් පිරිසක්ද සහභාගී විය.
Video Story