June, 28, 2017
කොමර්ෂල් බැංකුවේ ‘Millionaire ගිණුමේ’ තිබෙන සුවිශේෂී ස්වභාවයෙන් ඉහළ ප්රතිලාභ ලබාගනිමින් තැන්පතුකරුවන් බහුතරයකට එම ගිණුම් විවෘත කිරීමට දිරි දෙමින් කොමර්ෂල් බැංකුව විසින් එම ගිණුම නැවත වරක් එළිදක්වා තිබේ.
මීට පෙර මෙම ගිණුමේ තිබිය යුතු අවම තැන්පතු මුදල වූ රුපියල් මිලියනයක මුදල නව ගිණුම මගින් රුපියල් 500,000 ක් දක්වා අඩුකර තිබෙන බවත් ඉලක්කගත ආයෝජනය සඳහා උපරිම සීමාවක් නොමැති බවත් බැංකුව සඳහන් කරයි.
මෙම ගිණුමේ තිබෙන තැන්පතු මුදල මෙන් 75% ක් දක්වා වූ මුදලක් ණය ලෙස තැන්පතුකරුවන්ට ලබාගත හැකි ලෙස නවාංගයක් ද ගිණුම අළුතින් එළිදැක්වීමත් සමග ඇතුළත් කර තිබේ.
මුලින්ම 2015 වසරේදී ආරම්භ කළ මෙම ගිණුම, වත්කම් මිලදී ගැනීමට, දරුවන්ගේ හෝ තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සහ විවාහය වැනි සුවිශේෂි කාරණා වෙනුවෙන් වේගවත් ප්රතිලාභ අපේක්ෂාවෙන් ඉතිරිකිරීම් සිදුකරන කණ්ඩායම ඉලක්ක කර තිබෙන අතර එවැනි පැහැදිලි අරමුණක් වෙනුවෙන් ආයෝජන සැලසුම් කි‍්‍රයාත්මක කිරීමට මේ තුළින් ඉතා පහසුවේ. කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ නම්‍යශීලි මෙම ආයෝජන සැලසුම මගින් විශාල මූලික තැන්පතුවකින් තොරව යම් ඉලක්කගත කාල සීමාවකදී බලාපොරොත්තු වන ප්රතිලාභ ලබාගැනීමේ හැකියාව තිබෙන බවයි.
තැන්පතුකරුවන් විසින් මෙම ගිණුමේ සෑම මාසයකදීම තැන්පත් කරන මුදල් ප්‍රමාණය අනුව වසර දෙකක්, වසර තුනක්, වසර හතරක්, වසර පහක් සහ වසර හයක කාලයක් තුළදී තැන්පතු කරුවන්ට රුපියල් 500,000 අවම ශේෂයක් හෝ රුපියල් 500,000 ක් මෙන් කිහිප ගුණයක ශේෂයක් ලබාගත හැකිබව බැංකුව සඳහන් කරයි.
අවුරුදු 18 කට වැඩි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මෙම ගිණුමක් විවෘත කළ හැකි අතර මාසිකව රුපියල් 19,155 ක මුදලක් තැන්පත් කිරීම මගින් වසර දෙකක් තුළ රුපියල් 500,000 ක ශේෂයක් උපදවාගත හැකිය. එසේම, මාසයකට රුපියල් 38,310 ක මුදලක් තැන්පත් කිරීම මගින් වසර දෙකක් තුළ ගිණුමේ රුපියල් ලක්ෂ 10 ක ශේෂයක් ගොඩනගා ගත හැකිබව බැංකුව පෙන්වා දෙයිx
ගිණුම කල්පිරීමට පෙර තැන්පතු කරුවා මියයන අවස්ථාවකදී ඔහු හෝ ඇය ආයෝජනය කළ මුළු මුදල කිසිදු අඩු කිරීමකින් තොරව ලබාගැනීමට වෙනත් අය නම් කිරීමේ අවස්ථාවද මෙම ගිණුම මගින් ලබාදී ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම වඩාත්ම ලාභදායී පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට වඩාත්ම සම්මානයට පාත්රවූ මූල්‍ය ආයතනය වන අතර බැංකුව මඟින් ජාතික ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වයි. රුපියල් ටි්රලියනය ඉක්මවූ වත්කම් සහිත කොමර්ෂල් බැංකුව 2016 වසර අවසානයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ඩොලර් මිලියන 790 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් වාර්තා කළ අතර එය කොටස් වෙළඳ පොළේ මුළු ප්‍රාග්ධනීකරණයෙන් 4.31% ක් නියෝජනය කළේයග මෙරට සුළු හා මධ්‍යම පරිමාණ අංශයට වැඩිපුරම ණය සපයා තිබෙන කොමර්ෂල් බැංකුව පසුගිය වසර පහ තුළදී මෙම අංශයට රුපියල් බිලියන 952 ක ණය ලබාදී තිබේ. මීට අමතරව, මෙරට අපනයන වලින් 17.82% කට සහ ආනයන වලින් 8.36% කට බැංකුව විසින් දායක වී ඇත.
2016 මූල්‍ය වසර අවසානයේදී කොමර්ෂල් බැංකුව රුපියල් ටි්රලියන 1.012 ක වත්කම් ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙන අතර එම මූල්‍ය වසර තුළදී රුපියල් බිලියන 93.143 ක දළ ආදායමක්, රුපියල් බිලියන 14.513 ක ශුද්ධ ලාභයක්, රුපියල් බිලියන 739.563 ක තැන්පතු පදනමක් සහ රුපියල් බිලියන 633.391 ක ණය පොතක් වාර්තා කර තිබේ.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.
Video Story