September, 1, 2014
මෙරට මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකු වැඩසටහන යටතේ කොමර්ෂල් බැංකුව විසින් බලපත්‍රලාභී ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණයම රුපියල් මිලියන 870 කට අද මිලදීගෙන තිබේ.
කොමර්ෂල් බැංකුව විසින් මෙම මිලදී ගැනීම සිදුකරන බව පසුගිය ජූලි මාසයේදී හෙළිදරව් කර තිබුණි.
මෙම ගනුදෙනුවට අනුව කොමර්ෂල් බැංකුව විසින් ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගමේ සාමාන්‍ය කොටස් මිලියන 21.6 ක් මිලදීගෙන ඇත.
ගනුදෙනුවට අදාළව සියළුම ව්‍යස්ථාපිත සහ නියාමන අනුමැතියන් කොමර්ෂල් බැංකුව සහ ඉන්ද්‍රා ෆයිනෑන්ස් විසින් ලබාගෙන තිබෙන අතර ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගමේ මූල්‍ය තත්ත්වය පිළිබඳව බැංකුව සෑහීමකට පත්ව තිබේ.
ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගම වාහන අලෙවියේ ප්‍රචලිත ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහයට අනුබද්ධ සමාගමකි.