March, 28, 2016
ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව අතර සුප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව 17 වන වතාවට නම් කර තිබේ.
ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් අප්‍රිකාව, ආසියා-පැසිෆික් කළාපය, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය, ලතින් ඇමරිකාව සහ මැදපෙරදිග නියෝජනය කරන 2016 වසරේ ලෝකයේ හොඳම නැගී එන වෙළඳ පොළ බැංකු 25 ක ලයිස්තුව පසුගියදා එළිදක්වා තිඛෙන අතර මෙම කළාප නියෝජනය කරන ලෝකයේ ප්‍රමුඛතම බැංකු සමග කොමර්ෂල් බැංකුවද එක්කර තිබීම කැපී පෙනේ.
මෙහිදී, ජයග්‍රාහකයින් තෝරා ගන්නා ක්‍රමවේදයට වත්කම්වල වර්ධනය, ලාභදායීතාවය, උපාය මාර්ගික සම්බන්ධතා, ගනුදෙනු සේවාව, තරඟකාරී මිල ගණන් සහ නව්‍ය නිෂ්පාදන ඇතුළත් වේ. මීට අමතරව, මෙහි ප්‍රතිඵල වල නිරවද්‍යතාවය සහ විශ්වසනීයත්වය වර්ධනය කිරීම සඳහා ග්ලෝබල් ෆයිනෑන්ස් හි, පාඨකයින් අතර සමීක්ෂණයක්ද සිදුකර ඇත.
“ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් සිදුකරන මෙම වාර්ෂික සම්මාන ප්‍රදානයේදී 17 වන වතාවටත් ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බුහුමනට ලක්කර තිබීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ජෙගන් දුරෙයිරත්නම් මහතා සඳහන් කළේය. “ගෝලීය ආයතනික නායකයින් අතර පිටපත් 50,000 කට අධික ප්‍රමාණයක් අලෙවි වන මෙම සඟරාව මගින් කර තිඛෙන මෙම ඇගයීම අපට ලැබුණු ශක්තිමත් තක්සේරුවක්. මෙහි ඉහළ ඇගයීමේ ක්‍රියාවලිය නිසා මෙම සම්මානයේ වටිනාකම තහවුරු වනවා“.
ග්ලෝබල් ෆයිනෑන්ස් හොඳම ගෝලීය බැංකු සමීක්ෂණය පිළිබඳ තොරතුරු 2016 මැයි මාසයේදී එළිදක්වන ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ පළකිරීමට නියමිතය. මීට අදාල සම්මාන ප්‍රදානය 2016 ඔක්තෝම්බර් 08 වනදා පෙරවරුවේ වොෂින්ටන් DC හි, ද නැෂනල් ප්‍රෙස් ක්ලබ්හිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම අතරතුරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කොමර්ෂල් බැංකුවද ඇතුළත් වන 2016 ග්ලෝබල් ෆයිනෑන්ස් හොඳම බැංකු ලැයිස්තුවට ආසියා පැසිෆික් කළාපය නියෝජනය කරමින් චීනයේ ICBC, ඉන්දියාවේ ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්ඩියා, ඉන්දුනීසියාවේ බෑන්ක් KEB, පාකිස්තානයේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ්, මැලේසියාවේ මේබෑන්ක්, තායිවානයේ CTBC බෑන්ක්, දකුණු කොරියාවේ KEB හනා බෑන්ක්, තායිලන්තයේ සියාම් කොමර්ෂල් බෑන්ක් සහ බංග්ලාදේශයේ සිටි බෑන්ක් ඇතුළත් වේ.
“පවතින අවිනිශ්චිතතා හමුවේ වුවද මෙම බැංකු ඔවුන්ගේ ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සහ වෙළඳ පොළට තිඛෙන ගැඹුරු කැපවීම අපි මෙහිදී ගෞරවාදරයට පාත්‍ර කර තිඛෙනවා“, යනුවෙන් මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ ප්‍රකාශක සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජෝසෆ් ඩී. ගියරාපුටෝ මහතා සඳහන් කළේය. “භූ දේශපාලන අවධානම්, අවිනිශ්චිත ආර්ථීක සහ වෙළඳ පොළ තත්ත්වයන් සහ තවමත් වෙනස්වන නියාමන රාමූන් හමුවේ ගෝලීය බැංකු අඛණ්ඩවම අභියෝග ගණනාවකට මුහුණ දී සිටිනවා“.
Video Story