February, 29, 2016
වත්කම්, වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය සහ බදු වලට පසු ලාභය අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සිය ණය ලබාදීමේ කළඹ වර්ධනය කර ගැනීම සහ බැංකුවේ ශේෂ පත්‍රය තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 05 ක මුදලක් රැස්කර ගැනීමට සූදානම් වේ. මෙම ණයකර නිකුතුව තවත් රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීම දක්වා පුළුල් කිරීමේ විකල්ප අවස්ථාවද තිඛෙන බව බැංකුව සඳහන් කර ඇත.
බැංකුව සඳහන් කරන්නේ මෙම ලයිස්තුගත, වගකීම් රහිත, අප්‍රධාන සහ නිදහස් කළ හැකි ණයකර නිකුතුව පෙබරවාරි 29 වනදා විවෘත වන නමුත් ඒ සඳහා අයදුම්පත් මේ වනවිටත් භාර ගන්නා බවයි. මේ පිළිබඳව www.combank.lk වෙබ් අඩවියේ තිඛෙන ප්රකාශනයෙන් සහ සියළුම කොටස් තැරැව්කරුවන්ගෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. මෙම ණය කර ෆිච් රේටින් ලංකා ආයතනය මඟින් AA- (lka) ලෙස ශ්‍රේණිගත කොට ඇත.
බැංකුව විසින් මෙහිදී අවුරුදු පහකින් සහ අවුුරුදු දහයකින් කල් පිරෙන ණයකර වර්ග දෙකක් නිකුත් කරනු ඇත.
අවුරුදු පහකින් කල්පිරෙන ණයකරය මගින් 10.75% ක (AER 11.04%) වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් ලබාදෙන අතර වසරකට දෙවතාවක් පොලී ගෙවීම සිදුකරනු ලබයි. වසර දහයකින් කල්පිරෙන ණයකරය මගින් වාර්ෂිකව 11.25% ක (AER 11.57%) පොලී අනුපාතයක් ගෙවන අතර පොලිය වසරකට දෙවතාවක් ලබාදෙයි. මෙම ලයිස්තුගත ණයකර වෙනුවෙන් බදු සහනද හිමිවන අතර ඒ තුළින් වැඩි ආයෝජන ආකර්ශනයක් දිනාගැනීමට හැකියාව ඇත.
ෆිච් රේටින්ග්ස් විසින් කොමර්ෂල් බැංකුව සඳහා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව AA (lka) ජාතික දිගු කාලීන ණය වර්ගීකරණයක් ලබාදී ඇත. මෙම ණයකර නිකුතුව කළමනාකරණය කරන්නේ කොමර්ෂල් බැංකුවේ ආයෝජන බැංකු අංශයයි.
මෙම ණයකර නිකුතුවේ අවසන් දිනයට ප්‍රථම අධි ඉල්ලූමක් ඇති නොවුණ හොත් විවෘත කළ දිනයේ සිට දින 14 කින් නිකුතුව අවසන් වේ.
2015 තුන්වන කාර්තුවේදී කොමර්ෂල් බැංකුව විසින් රුපියල් බිලියන 12.19 ක බදු වලට පෙර ලාභයක් වාර්තා කළ අතර රුපියල් බිලියන 8.426 ක ශුද්ධ ලාභයක් වාර්තා කරන ලදී. මීට අමතරව, අදාළ කාර්තුවේදී බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්රමාණත්ව අනුපාතය 11.93% ක් සහ පළමු පෙළ සහ දෙවන පෙළ එකතුවූ ප්‍රාග්ධන ප්රමාණත්ව අනුපාතය 14.65% ක්වූ අතර එම අනුපාත දෙකම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය වන පිළිවෙලින් 5% ක් සහ 10% ක් යන අනුපාතයන්ට වඩා ඉහළින් තිබීම කැපී පෙනේ.
මෙරට තුළ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 625 ක් සහ බැංකු ශාඛා 250 ක් තිඛෙන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම පස් වතාවක් තේරී පත්වූ එකම ශ්‍රී ලාංකේය බැංකුවයි. 2014 වසරේදී ලංකාවේ වඩාත් වටිනාම පුද්ගලික අංශයේ සන්නාමය ලෙසත් වසර ගණනාවක් පුරා මෙරට හොඳම බැංකුව ලෙසත් තවත් දෙස් විදෙස් සම්මාන රැසකට කොමර්ෂල් බැංකුව පාත්රවී ඇත. ලංකා වාණීජ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට 2013 දී සහ 2014 වසරේදී බැංකුව තෝරා ගන්නා ලදී.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. 2015 සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමුපෙළ බැංකුවක් ආරම්භ කිරීමේ නියාමන අනුමැතිය බැංකුවට හිමිවිය. සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු ඉතාලියේ සිදුකිරීමට බැංකුවට පසුගියදා බලපත්‍රයක් හිමිවිය.
Video Story