November, 10, 2015
කොරියානු රජයේ ආරාධනයකට අනුව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා කොරියාවේ සංචාරයක නිරත විය. කොරියාවේ ඉඩම්, යටිතලපහසුකම් හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ගෝලීය යටිතල පහසුකම් සහයෝගීතා සමුළුවට සහභාගී වීම, ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.
සංචාරය අතරතුර දී රාජ්‍ය අමාත්‍යවරයා කොරියානු රජයේ මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු සමඟම ද්විපාර්ශවික සාකච්ඡා සඳහා එළඹියේය. ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍ය යූ ඉල්-හෝ, වෙළෙඳ, කර්මාන්ත හා බලශක්ති උප අමාත්‍ය මූන් ජාඉ-ඩු මහත්වරුන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සමඟ මෙහිදී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
මෙරට විශාල කාර්මික ජනපද බිහිකිරීම, ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීමේ වාසි අත්පත් කරගනිමින් වරාය යටිතල පහසුකම් හා සම්බන්ධ වීම ආදිය කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරුණි. එසේම රාජ්‍ය අමාත්‍යවරයා, ආයෝජකයින්ට වඩාත් හිතකර අයුරින් වර්තමානයේ මෙරට ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව ද ඔවුන් දැනුවත් කෙරුණි.
මෙම සංචාරය අතරවාරයේ දී කොරියානු වෙළෙඳ ආයෝජන ප්‍රවර්ධන ඒජන්සියේ විධායක උප සභාපති හා කොරියානු වෙළෙඳ හා කර්මාන්ත වානිජ මණ්ඩලය ඇතුළු වානිජ මණ්ඩලවල ජ්‍යෙෂ්ට නිලධාරීන් රැසක් ද සමඟින් සාකච්ඡා කරන ලදී.
Video Story