February, 9, 2016
දෙරට අතර පවතින සුහදශීලී මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් 2016 සිට 2018 දක්වා කාලපරිච්ඡේදය තුළ දෙරටේ රජයන් විසින් අන්‍යොන්‍ය වශයෙන් එකඟ වන ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 300 නොඉක්මවන කොරියානු වොන් ණය මුදලක් කොරියානු අපනයන - ආනයන බැංකුවේ ආර්ථික සහයෝගිතා අරමුදල හරහා ශ්‍රී ලංකාවට ලබා දීමට කොරියානු රජය විසින් එකඟ වී ඇත.
ඒ අනුව, එම ණය මුදල ලබාගැනීම සඳහා කොරියානු රජය සමඟ කාර්යරාමු එකඟතාවකට(Framework Agreement) එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.
Video Story