කොල්ලුපිටියට තවත් සුපිරි හෝටලයක් එයි

    May, 19, 2014

    Macksons Holdings සමාගමට අයත් Macksons Properties සමාගම විසින් කොළඹ 03, කොල්ලුපිටියේ කාමර 100 කින් යුක්ත සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹෙයි.

    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 412 ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මෙරට හෝටල් කාමර ප්‍රමාණය වැඩි කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙන අතර 2016 වසරේදී මෙරටට සංචාරකයින් මිලියන 2.5 ක් ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇත.

    Macksons Holdings යනු නිමැවුම් කර්මාන්ත, වෙළඳාම, තීන්ත ආනයන සහ අපනයන, පිඟන් ගඩොල්, තෑගි භාණ්ඩ යන අංශ කෙරෙහි විවිධාංගීකරණය වූ ශ්‍රී ලාංකේය සමාගම් සමූහයකි.

    සමූහය විසින් කොල්ලුපිටියේ ඉදිකිරීමට යන තට්ටු 11 ක මෙම හෝටලයේ තරු පන්තියේ හෝටලයක සමන්විත සියළු පහසුකම් ස්ථාපිත කරන බව සඳහන්ය.