‘කොල්ලුපිටි මෝල‘ ලප් තැනම ලොප්

    February, 28, 2017

    Lee Hedges PLC හි යෝජිත මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බව සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    ‘Colpetty Mills’ විසින් නම් කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 2.8 ක මුදලක් ආයෝජනය කරනු ලබන බව සමාගම මීට පෙර දැනුම් දී තිබුණි.

    කෙසේ වෙතත් සමාගමේ කොටස් මිලියන 2.76 කට සාමූහිකව හිමිකම් කියනු ලබන කොටස්කරුවන් 11 දෙනෙකු විසින් සමාගම වෙත දැනුම් දී ඇත්තේ ඔවුන් මෙම ව්‍යාපෘතියට එකඟ නොවන බවයි. මේ හේතුව මත අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට සමාගම තීරණය කර තිබේ.