කොලොන්නාවේ තෙල් නල වලට ජාත්‍යන්තර ලංසු කැඳවීමට යයි

    June, 19, 2015

    කොළඹ වරායේ සිට කොලොන්නාව තොග ගබඩා පර්යන්තය දක්වා ඉන්ධන ගෙනයන නල පද්ධතිය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට ජාත්‍යන්තර විවෘත ලංසු කැඳවීමට රජය සූදානම් වේ.

    වසර 40 ක සිට 70 ක් දක්වා පැරණි මෙම නල පද්ධතිය මේ වනවිට අබලන් තත්ත්වයේ පවතින අතර මෙම නල පද්ධතිය ඉදිකිරීම සහ එයට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම පිළිබඳව අධ්‍යනයක් කිරීමට ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉදිරියේදී කටයුතු කරනු ඇත.

    ජාත්‍යන්තර ලංසු කැඳවා තෝරා ගන්නා කොන්ත්‍රාත්කරුවා මෙම ඉදිකිරීම් සිදුකිරීමට නියමිතව ඇත්තේ මෙම අධ්‍යනයට අනුවයි.

    Video Story

    Stock Market

    Exchange Rates