October, 31, 2015
අද වන විට මෙරට ප්‍රධාන නගරයකට තිබෙන්නේ කොළඹ පමණක් බවත්, සෙසු නගර තිබෙන්නේ අඟුටුමිට්ටන් ගේ තත්ත්වයේ බවත් මහා නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද දින පැවති ලෝක නගර දින සැලසුම් සමාප්ති උළෙල ට එක්වෙමිනි.
ලෝක නගර දින සැලසුම් සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී අද (31) දින පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය. “මධ්‍යම පංතියට ගැළපෙන ආකාරයේ නාගරීකරණයක් සිදු නොවීම නිසා මර්ග තදබදය, කැළි කසළ බැහැර කිරීම, පැසැල්වලට ළමයින් ඇතුළත් කර ගැනීම වැනි ගැටළු රැසක් පැන නැඟී තිබෙනවා. අපේ රටේ තාමත් යන්නේ 60-70 දශකවල ගිය බස්රථ, දුම්රිය රථවල. මධ්‍යම පංතියේ පිරිස් ඒවා පිළිගන්න සූදානම් නැහැ. ඔවුන් සියලු දෙනා පුද්ගලික මෝටර් රථ වලට යොමු වෙලා තිබෙනවා.“
එසේම පසුගිය හයමාසය තුළ පමණක් මෝටර් රථ හාරලක්ෂ අසූ නවදහසක් මෙරටට පැමිණ ඇති බවත්, සැප්තැම්බර් මාසයේ දී මෝටර් රථ විසිදහසක් අලුතෙන්ම මෙරට මාර්ගවලට එක්ව ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.