කොළඹ අවධමනය තවත් අඩු වෙයි

    April, 30, 2025

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මාර්තු මාසයේ වාර්තා වූ -2.6% සිට 2025 අප්‍රේල් මාසයේ දී -2.0% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ 0.6% මට්ටමේ සිට 2025 අප්‍රේල් මාසයේ දී 1.3% ක් දක්වා ඉහළ ගොස් ඇත.

    එමෙන්ම 2025 මාර්තු මාසයේ දී -4.1% ක් ලෙසින් සටහන් වුණු ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 අප්‍රේල් මාසයේ දී -3.6% ක් දක්වා වැඩි වී තිබේ.