කොළඹ උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්

    January, 31, 2025

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව පස්වන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0 ක අවධමනයක් දක්වා දැවැන්ත පහළ යාමක් වාර්තා කර තිබේ.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 0.8 මට්ටමේ සිට 2025 ජනවාරි මාසයේ දී සියයට 2.6ක අවධමනයක් දක්වා පහළ ගොස් තිබෙන අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ පැවති සියයට 3.0ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී 4.7ක අවධමනයක් දක්වා පහළ ගොස් ඇත.