කොළඹ උද්ධමනය අවධමනයක් වෙයි

    October, 30, 2024

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ -0.5% හි සිට 2024 ඔක්තෝම්බර් මාසයේ දී -0.8% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ පැවති සියයට -0.3% හි සිට 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.0% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ පැවති -0.5% හි සිට 2024 ඔක්තෝම්බර් මාසයේ දී -1.6% ක් දක්වා පහළ ගොස් ඇත.