කොළඹ උද්ධමනය ඉහළට. ඉලක්කය කරා තවදුරටත් ලඟා වෙයි

    October, 31, 2025

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද.2021=100)1වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 1.2හි සිට 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.5 සිට 2025 ඔක්තෝබර් මාසයේ දී සියයට 2.1% ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

    මාස 11කට පසු 2025 අගෝස්තු මාසයේ දී ධන අගයක් වාර්තා කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද.2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කළ පරිදි උද්ධමන ඉලක්කය කරා ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබයි.

    2025 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2.9% සිට 3.5% ක් දක්වාත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 0.7% සිට 1.4% ක් දක්වා ත් මේ අනුව ඉහළ ගොස් තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ, 205 වසරේ තෙවන කාර්තුව සඳහා වාර්තා වූ කාර්තුමය සාමාන්‍ය මතුපිට උද්ධමනය මහ බැංකුවේ පුරෝකථනවලට අනුකූල වන බවයි.

    ඉදිරි කාලය තුළ දී උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස්, සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, 5% ඉලක්කය කරා ගමන් කරනු ඇති බවට නවතම පුරෝකථන මගින් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව එහිදී වැඩිදුරටත් කියා සිටියේය.