December, 31, 2024
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ -2.1% හි සිට 2024 දෙසැම්බර් මාසයේ දී -1.7% ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, 2024 නොවැම්බර් මාසයේ සියයට 0.6%ක් ලෙසින් පැවති ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී සියයට 0.8ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, 2024 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -3.0% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 නොවැම්බර් මාසයේ දී වාර්තා වුණේ -3.3% ක් ලෙසයි.
Video Story