July, 31, 2025
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ වාර්තා වූ -0.6% සිට 2025 ජූලි මාසයේ දී -0.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී 1.5% ක් දක්වා අඩු වී ඇති අතර 2025 ජුනි මාසයේ දී එය වාර්තා වූයේ 4.3%ක් ලෙසයි.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී -1.2% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 ජුනි මාසයේ දී -2.8% ක් ලෙස වාර්තා විය.
Video Story