කොළඹ කොටස් අදත් 100 කින් පසුබසී

    March, 9, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දීද ඒකක 100 ක් ඉක්මවා පහළ ගියේය. අද උදෑසන 10.41 පමණ වන විට ගනුදෙනු ආරම්භ වී පැය 1යි මිනිත්තු 21 ක් වැනි කෙටි කාලයක් තුළ දී කොටස් වෙළෙඳපොළේ මෙම කඩා වැටීම වාර්තා විය.

    ඒ වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,834.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 100.15 ක හෙවත් 1.69% ක පහළ යාමකි. දෛනික පිරිවැටුම් එම අවස්ථාවේ දී රුපියල් මිලියන 333 ඉක්මවා තිබිණි.