කොළඹ කොටස් අළු ගසා නැගිටියි

    March, 10, 2016

    පසුගිය දින කිහිපය පුරාවට සීඝ්‍ර කඩාවැටීමක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, අද මධ්‍යහ්නය ආසන්න වන විට ඒකක 60 කින් ඉහළ ගොස් තිබිණි.

    ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,922 ද්කවා 1.03% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණි.

    මේ අතර දෛනික පිරිවැටුමද රුපියල් බිලියන 1.7 ඉක්මවා තිබූ අතර නවලෝක සමාගමේ කොටස් මිලියන 305.9 ක් රු. 4.00 බැගින් ගනුදෙනු වී තිබීම ඒ සඳහා විශාල දායකත්වයක් ලබා දෙන ලදී. රුපියල් බිලියන 1.22 ක පිරිවැටමුක් එකී නවලෝක කොටස් ගනුදෙනුවෙන් පමණක් වාර්තා වී ඇත.