February, 10, 2016
මෙම වසර තුළ වාර්තා වුණු අවම දෛනික පිරිවැටුම අද දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී වාර්තා වී තිබේ. එහිදී දිනය තුළ පිරිවැටුම වාර්තා වූයේ මිලියන 182 ක් වශයෙනි.
මෙයින් රුපියල් මිලියන 146 ක් දේශීය මිල දී ගැනීම් ලෙස ද, රුපියල් මිලියන 35.97 ක් විදේශීය ගැනුම් ලෙසින් ද සටහන් වුණි. දිනය තුළ දේශීය විකුණුම් රුපියල් මිලියන 130 ක්ද, විදේශීව විකුණුම් රුපියල් මිලියන 52 ක් වශයෙන් වාර්තා විය.
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8.31 කින් පහළ ගිය අතර එහි අගය ඒකක 6,364.40 ක් වශයෙන් දැක්වුණි.
අද දිනය වන විට වසර ආරම්භය හා සැසඳීමේ දී 7.69% කින් කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටී තිබේ.
Video Story