කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

    July, 9, 2018

    පසුගිය ජූලි 04 දා කොළඹ කොටස් වෙළෙඳපොළට සුවිශේෂී දිනයක් විය. ඒ මෙරට අංක එකේ ධනවත් පුද්ගලයා ලෙසින් සැලකෙන වැලිබල් වන් සමූහ ව්‍යාපාරයේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා, කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ කිරීම සංකේතවත් කරමින් එදින සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවට එක් වූ නිසාය.

    ධම්මික පෙරේරා මෙදින උදෑසන මෙම උත්සව අවස්ථාවට එක් වූයේ ප්‍රධාන වශයෙන් හේතු දෙකක් කරණ කොට ගනිමිනි. ඉන් එකක් නම් කොළඹ කොටස් වෙළෙඳපොළේ S&P SL20 දර්ශකය ගණනය කිරීමට ගන්නා සමාගම් 20 අතරට තමන්ගේ නායකත්වය යටතේ ඇති වැලිබල් වන් සමාගම ද එක්වීමයි. අනෙක් කරුණ වන්නේ වැලිබල් වන් සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර වසර 07 ක් පිරීම ද මෙම ජූලි මාසයට යෙදී තිබීමයි.

    වැලිබල් වන් සමාගම මීට වසර 7 කට පෙර මූලික කොටස් නිකුතුවක් කරමින් සිය සමාගමේ ආයෝජනය කිරීමේ අවස්ථාව මෙරට මහජනතාවට ද ලබා දුන්නේය. ඒ එක් කොටසක් රු. 25.00 බැගින් නිකුත් කරමිනි. බොහෝ සුළු පරිමාණ ආයෝජකයෝ මෙහිදී වැලිබල් වන් සමාගමේ ආයෝජනයට පෙළඹුණේ, ධම්මික පෙරේරා වැනි දූරදර්ශී ව්‍යාපාර ඥාණයකින් හෙබි තැනැත්තෙකු එහි සුක්කානම හසුවරුවන බැවිනි. එහෙත් ලැයිස්තුගත කිරීමෙන් වසර 7 ක් ඉක්ම යාමෙන් පසු සිදුව ඇත්තේ, වැලිබල් වන් සමාගමේ කොටස් මිල ඉහළ යනවා වෙනුවට, මෙම ලැයිස්තුගත කාලපරිච්ඡේදය තුළ දී සියයට 20 කට වඩා වැඩි ප්‍රමාණයකින් කොටස් මිල කඩා වැටී තිබීමයි. මෙය වැලිබල් වන් සමාගමට පමණක් නොව කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් බහුතරයක්ම අද වන විට මුහුණ පා සිටින තත්ත්වයකි.

    පසුගිය දා කොළඹ කොටස් වෙළෙඳපොළේ දී ධම්මික පෙරේරා මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව විමසා සිටීමට අද දෙරණ පියවර ගත්තේය.

    අද දෙරණ - “වැලිබල් වන් සමාගම මූලික කොටස් නිකුතුවේ දී, එක් කොටසක් නිකුත් කළේ රු. 25.00 බැගින්. නමුත් වසර 7 ක් ගත වෙලත්, කොටස් මිල ඉහළ යනවා වෙනුවට සිදු වී ඇත්තේ මිල කඩා වැටීමක්. නමුත් සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව පසුගිය කාලපරිච්ඡේදය පුරාවට සමාගමේ වර්ධනයක් සිදුවී ඇති බව පැහැදිලිව පෙන්නුම් කරනවා. කොටස් වෙළෙඳපොළෙන් නිරූපණය වන මිල, සමාගමේ සැබෑ වටිනාකම පිළිබිඹු කරනවා කියා ඔබ සිතනවා ද?“

    ධම්මික පෙරේරා - “පවතින පොළී අනුපාතිකයයි, විදේශ විනිමය අගය ඉහළ යාමයි සැලකුවොත් මේ වගේ roller-coaster effects එනවා. හැබැයි සමාගම ගත්තොත් අද වෙන කොට ශුද්ධ වත්කම් වටිනකම රු. 42.00 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ තිබුණු මට්ටමට වඩා ඉහළ මට්ටමකට අපි සමාගම ගෙනල්ලා තිබෙනවා. මම කරන්නේ වත්කම් ගොඩනංවන එක. සමාගමේ කොටසක වෙළෙඳපොළ මිල බලලා මට වැඩක් නැහැ. Roller-coaster effects එනකොට මාකට් උඩ යනවා, පල්ලෙහා යනවා. මෙය දරාගන්න පුළුවන් කියන එකයි මිනිසුන්ගේ ගැටළුව. සුළුපරිමාණ ආයෝජකයින් වෙළෙඳපොළට ගෙන්නුවාට පස්සේ, ඒ ගොල්ලන්ට අල්ලාගෙන සිටීමේ හැකියාවක් (holding power) නැතිනම් ඒ ගොල්ලෝ අමාරුවේ වැටෙනවා. ඒක හින්දා මගේ එක සමාගමක්වත් වෙළෙඳපොළට ගිහිං කොටස් ගන්න කියලා marketing tools එකක්වත් හදලා නැහැ. ඇයි හදන්න බැරි, මේ Roller-coaster effect එකට මිනිස්සු අහුවුණොත් දාන සල්ලි ටික නැති වෙනවා. මේක රු. 25-30 කට ගෙනල්ලා මාකට් කරන එක මට එච්චරම ලොකු ගැටළුවක් නෙමෙයි. හැබැයි අනිත් කම්පැනීස් කරනවා. ප්‍රතිපත්තියක් විදියට අපේ කිසිම සමාගමක් එහෙම කරන්නේ නැහැ. වත්කම් ගොඩනැගීම තමයි අපිට කරන්න පුළුවන් එකම දේ.“

    මෙයින් ගම්‍ය වන්නේ රටේ ධනවත්ම පුද්ගලයා පවා සිය සමාගම්වල කොටස් මිල අඩු වැඩිවීම පිළිබඳව එතරම් අවධානයක් ලබා දෙන්නේ නැති බවකි. අනෙක් අතට ඔහු සඳහන් කරළ ආකාරයට සමාගමේ ශුද්ධ වත්කම් අගය පසුගිය කාලපරිච්ඡේදය පුරාවට වැඩිවී තිබේ. එහෙත් එය වෙළෙඳපොළෙ මිලෙන් පිළිබිඹු වන්නේ නැත. අද වන විට මෙරට ලැයිස්තුගත සමාගම් ගණනාවක් මුහුණ පා තිබෙන තත්ත්වය එයයි.

    මේ හේතුව නිසාම මේ වන විට ලැයිස්තුගත කර නොමැති, එහෙත් ඉතා ඉහළ කාර්යසාධනයක් වාර්තා කරන සමාගම් පවා අද වන විට කොටස් වෙළෙඳපොළේ සිය සමාගම් ලැයිස්තුගත කිරීමට අකමැත්තක් ප්‍රකාශ තිබේ.

    මීට පෙර අවස්ථාවක දී ජැට් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා සම්මුඛ සාකච්ඡාවක් සඳහා අද දෙරණ සමඟ එක්විය. එහිදී සිය සමාගම් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට උනන්දුවක් තිබෙනවාද යනුවෙන් අද දෙරණ ඇසූ පැනයට ඔහු ලබා දුන්නේ මෙවැනි ප්‍රතිචාරයකි.

    “ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් අපේ සමාගමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ ලැයිස්තුගත සමාගම්වලට වැඩිය හොඳ මට්ටමේ ආයතනික යහපාලනයක් අප සමාගමේ ක්‍රියාත්මක වෙනවා. පසුගිය දා පැවති වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කරන වරලත් ගණකාධිකාර සංගමයේ සම්මාන ප්‍රදානයේ දී, පුද්ගලික සමාගමක් වු අපටත් සම්මානයක් හිමිවුණා. අපි අපේ සියලු මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කරනවා. සමාගමේ සියයට 80 ක කොටස් අයිතිය තිබෙන්නේ මා සතුවයි. අපිට ඕනෑම වෙලාවක ලංකාවේ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරන්න හැකියාව තිබෙනවා. ලංකාවේ කොටස් වෙළෙඳපොළේ තිබන අවිනිශ්චිත තත්ත්වය නිසා කවදාවත් නිසි වටිනාකමක් අපේ සමාගමට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා 2019 වසරේ දී සිංගප්පූරු කොටස් හුවමාරුවේ ජැට් හෝල්ඩිංග්ස් සමාගම ලැයිස්තුගත කරන්න අපි සැලසුම් කර තිබෙනවා.“

    කොටස් වෙළෙඳපොළ ආයෝජනය කෙරෙහි මෙරට කුඩා පරිමාණ ආයෝජකයින්ගේ පමණක් නොව මෙරට මුල් පෙළේ ව්‍යාපාරිකයින්ගේ පවා අවධානය යොමු වූයේ 2009 සහ 2010 වසරවල දී එහි වාර්තා වූ දැවැන්ත වර්ධනයත් සමඟිනි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බලපා තිබූ ප්‍රධානතම ගැටළුව වූ මෙරට යුධමය වාතාවරණය 2009 මැයි 18 දිනෙන් අවසන් වීමත් සමඟම එම වසර අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයට අනුව කොටස් වෙළෙඳපොළ වර්ධනය සටහන් වූයේ වසර ආරම්භයට සාපේක්ෂව 126% ක් ලෙසිනි. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට යමින් 2010 වසර තුළ දීද 96% ක වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළේ දැකගත හැකිවිය.

    මෙම වාතාවරණය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින්, කොටස් වෙළෙඳපොළ ආයෝජන ප්‍රවර්ධනය සඳහා දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙසින් එතෙක් ‘සල්ලි පොතේ දාන්න‘ හුරු වී සිටි සාමාන්‍ය ජනතාව පවා කොටස් වෙළෙඳපොළ සමාගම්වල ආයෝජනයට පෙළඹුණේ ඉහළ ප්‍රතිලාභයක් ඇස් ඉදිරිපිටම පෙනෙන්නට තිබුණු නිසාය.

    පැවති තත්ත්වය තුළ නව ආයෝජකයින් වෙත සේවා ලබා දීම සඳහා වෘත්තීය ආයෝජන උපදේශකවරුන්ගේ අවශ්‍යතාවයක් ද නිර්මාණය විය. මේ අනුව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම යටතේ ඇති මූල්‍ය සේවා ඇකඩමිය විසින් 2011 පෙබරවාරි 03 වන දා හදිසි සම්මන්ත්‍රණයක් කැඳවිමින් එහි අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් වෙත මූල්‍ය රෙගුලාසි හා ආචාරධමර්ම පිළිබඳ සැසියක් පවත්වන ලදී. එවකට එහි ප්‍රධානියාව සිටි මහාචාර්ය දිසා බණ්ඩාර මහතා එහිදී කියා සිටියේ ඒ වන විට වෙළෙඳපොළ තුළ වෘත්තීය ආයෝජන උපදේශකයින්ගේ 800 ක පමණ හිඟයක් ඇති බවත්, මෙම සැසියෙන් පසුව සිසුන් හට ආයෝජන උපදේශකවරුන් ලෙස වෘත්තියේ නියැලීමට තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනු ලබන බවත්ය.

    කොළඹ කොටස් වෙළෙඳපොළෙ ඉතිහාසයේ කූටප්‍රාප්තිය සිදුවන්නේ එතැන් සිට සතියක් ඉක්මයාමෙනි. 2011 පෙබරවාරි 14 දින ඒකක 7,811.0 ක් දක්වා සියලු කොටස් මිල ඉහළ යන්නේ කොළඹ කොටස් වෙළෙඳපාළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම අගය වාර්තා කරමිනි.

    පැවති වාතාවරණය තුළ නව ආයෝජකයින් මෙන්ම නව සමාගම්ද කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට මුල පිරුවේය. මූලික මහජන කොටස් නිකුතු හරහා නව අරමුදල් සම්පාදනය කර ගනිමින් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට සමාගම් පියවර ගත්තේ මේ වාතාවරණය තුළ දීය. ආරම්භක ගනුදෙනු දිනයේ දීම සමාගම්වල මූලික නිකුතු මිලට වඩා කිහිප ගුණයකින් වැඩි මිලක් තීරණය වීම නිසා මෙම වකවානුවේ දී මූලික මහජන කොටස් නිකුතු සඳහා පැවතියේ ඉහළ ඉල්ලුමකි. යුනියන් බැංකුවේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා ඉදිරිපත් කළ කොටස් ප්‍රමාණය මෙන් 300 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකට අයදුම්පත් ලැබී තිබීම එහි උච්ඡතම අවස්ථාව විය.

    එසේම රු. 15 බැගින් නිකුත් කළ ඔඩෙල් සමාගමේ කොටසක් ආරම්භක ගනුදෙනු දිනයේ දීම රු. 35 ක් ඉක්මවා යාමත්, රු. 15 ක් වූ සිංගර් ෆිනෑන්ස් සමාගමේ කොටසක් ආරම්භක දිනයේ දී රු. 50 ඉක්මවා ගනුදෙනු වීමත් වැනි කරුණු නිසා කෙටි කාලයේ දී ඉහළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සුළුපරිමාණ ආයෝජකයින් රැසක් ‘සල්ලි පොතේ දමන‘ පුරුද්දෙන් මිදී, කොටස් වෙළෙඳපොළ ආයෝජනයට පිවිසුණේ ද මෙම අවධියේ දීය.

    එහෙත් 2011 වසරේ සිට මේ දක්වා වසර 7 කට අධික කාලසමයක් ගත වී ඇති අවස්ථාවක දකින්නට ලැබෙන්නේ තවදුරටත් ආයෝජකයින් හෝ සමාගම් කොටස් වෙළෙඳපොළ වෙත පැමිණීමට අපේක්ෂා කරන තත්ත්වයක් නොවේ. දැනට සිටින කුඩා පරිමාණ ආයෝජකයින් මෙන්ම මහා පරිමාණ ආයෝජන අරමුදල් පවා අද වන විට පත්ව ඇත්තේ සිය ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා තත්ත්වයකටය. කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර තිබෙන මෙරට ප්‍රමුඛතම මහජන අරමුදලක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව පවා පසුගිය දිනෙක සිය සම්පූර්ණ කොටස් වෙළෙඳපොළ වෙළෙඳ ආයෝජන කළඹ (Trading portfolio) විකුණා දැමීම සඳහා යෝජනා කැඳවා තිබුණේ මෙවන් පසුබිමක දීය. කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර කළ විමසීමක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද දෙරණ වෙත පැවසුවේ, ජාතික ඉකිරිකිරීමේ බැංකුව ඔවුනගේ තීරණය වෙනස් කර ඇති බවකි.

    පසුගිය සිකුරාදා (ජූලි 06) වන විට 2018 වසර තුළ දී පමණක් සියලු කොටස් මිල දර්ශකයට අනුව කොටස් වෙළෙඳපොළේ පහළ යාම, වසර ආරම්භය හා සැසඳීමේ දී සියයට 4.09 කි. මෙහි ඇති භයානක තත්ත්වය නම් මීට වඩා දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකින් S&P SL20 දර්ශකය පහළ ගොස් තිබීමයි. වසරේ මේ දක්වා කාලය තුළ එය සියයට 9.48 කින් පහළ ගොස් තිබේ.

    පෙර කී ධම්මික පෙරේරා මහතාගේ වැලිබල් වන් සමාගම මෙන්ම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, එයිට්කන් ස්පෙන්ස්, ලංකා ඔරික්ස් ලීසිං, මෙල්ස්ටාකෝප්, කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC හා NDB යන බැංකු සමාගම් ඇතුළු කොටස් වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය, ද්‍රවශීලතාව හා මූල්‍ය ශක්‍යතාව යනා දී කරුණ මත පදනම් ව ප්‍රමුඛ පෙළේ සමාගම් 20 ක් ඇසුරින් මෙකී S&P SL20 දර්ශකය ගණනය කරනු ලබයි. මේ අනුව පැහැදිලි වන්නේ මෙකී මුල්පෙළේ සමාගම්වල කොටස් මිල පහළ යාම සමස්ත කොටස් වෙළෙදපොළ පහළ යාමට වඩා වැඩි වේගයකින් සිදුව ඇති බවයි.

    විශේෂයෙන්ම විදෙස් ආයෝජකයින් විසින් මෙරට කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට ක්‍රමයෙන් පියවර ගැනීම මීට එක් හේතුවෙකි. ගෙවී ගිය සතියේ දින 5 පුරාවට වාර්තා වූ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 2.84 කි. මෙයින් රු. බිලියන 1.74 ක් සඳහන් වන්නේ විදේශ විකිණුම් වශයෙනි. සතිය තුළ විදේශීය මිල දී ගැනීම් රු. මිලයන 845 කි. මේ අනුව පසුගිය සතිය තුළ පමණක් ශුද්ධ විදේශීය විකිණුම් රු. මිලියන 900 කි. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ශුද්ධ විදේශීය විකුණුම් වටිනාකම රු. බිලියන 2.23 ක් ලෙසින් වාර්තා වේ. ධම්මික පෙරේරා මහතා මුලින් සඳහන් කළ ආකාරයට විදේශ විනිමය අධිප්‍රමාණය වීම මීට ප්‍රධාන හේතුවෙක් වේ. කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළ යුත්තේ රුපියල්වලිනි. ප්‍රතිලාභ ලැබෙන්නේ ද රුපියල්වලිනි. රුපියල්වලින් ලැබෙන ප්‍රතිලාභය ඩොලර්වලට පරිවර්තනය කළ විට, විනිමය අවප්‍රමාණය හා ගැළපුම් කිරීමේ දී ප්‍රමාණවත් ප්‍රතිලාභයක් නොමැති නම්, නිසැකවම විදේශිකයෝ එවැනි වෙළෙඳපොළවල ආයෝජනය කරන්නේ නැත. 2018 වසරේ ජූනි 28 දක්වා කාලපරිච්ඡේදෙය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 3.7 කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

    අද වන විට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම් සාමාන්‍ය 2018 දී රුපියල් මිලියන 921 ක් පමණ වේ. එනම් එය දෛනිකව ඩොලර් මිලියන 6 කටත් වඩා අඩු වෙළෙඳපොළකි. මෙය මීට පෙර වසර කිහිපය හා සැසඳීමේ දී පහළ අගයයකි. ගනුදෙනු පිරිවැටුම මෙලෙස පහළ වැටීම සෘජුවම බලපා ඇත්තේ කොටස් තැරැව්කාර සමාගම්වලටය. 2011 වසරේ දී මෙරට මූල්‍ය සේවා ඇකඩමියේ ප්‍රධානියා, ආයෝජක උපදේශකයින් 800 කගේ පමණ හිඟයක් මෙරට තුළ ඇතැයි පැවසූවද අද වන විට මෙරට සියලු කොටස් තැරැව්කාර ආයතනවල සේවය කරනු ලබන ආයෝජන උපදේශකයින්ගේ ප්‍රමාණය 200 ක් වත් නොමැති තරම්ය.

    එසේම ගනුදෙනු පිරිවැටුම පහත වැටීම සෘජුවම තැරැව්කාර සමාගම්වල දෛනික කටයුතු කෙරෙහි බලපා තිබේ. මේ අතර අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම සහ අවම කොටස්කරුවන්ගේ අරමුදල් අවශ්‍යතා සපුරාලීමට අසමත්වීම යන කරුණු හේතුවෙන් නේෂන් ලංකා ඉක්විටීස්, නවාරා සිකියුරිටීස්, TKS සිකියුරිටීස් හා ක්ලැරිඩ්ජ් ස්ටොක්බ්‍රෝකර්ස් යන තැරැව්කාර සමාගම්වල ගනුදෙනු ක්‍රියාකාරකම් මේ වන විට තහනම් කර ඇත. මේ හේතුවෙන් ආයෝජන උපදේශක වෘත්තියේ යෙදුණු සැලකිය යුතු පිරිසකට වෙනත් වෘත්තීන් සඳහා විතැන් වීමට සිදුව තිබේ. වාර්තා වන අන්දමට තවත් කොටස් තැරැව්කාර සමාගම් 5 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට පවත්වා ගෙන යන්නේ දැඩි මූල්‍ය දුෂ්කරතා මධ්‍යයේය.

    සියලු කොටස් මිල දර්ශකය සැලකීමේ දී පසුගිය ජූලි 06 සිකුරාදා දිනය වන විට එහි අගය 6,108.71 කි. කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වතාවට, සියලු කොටස් මිල දර්ශකය මෙම කඩ ඉම පසු කළේ 2010 සැප්තැම්බර් 14 වනදාය. මේ අනුව බලන කළ, කොටස් වෙළෙඳපොළ දැන් වැටී තිබෙන්නේ ද මීට වසර 8 කට පමණ පෙර තිබූ මට්ටමකටය. එදා ලොව වේගයෙන් වර්ධනය වෙමින් පැවති කොටස් වෙළෙඳපොළ අතර පෙරමුණේ සිටි කොළඹ කොටස් වෙළෙඳපොළ අද වන විට පත්ව ඇත්තේ ආයෝජකයින්ගෙන් ඈත්වන අඩියකටය.

    පවතින වාතාවරණය තුළදී පවා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලැයිස්තුගත කිරීම සඳහා නව පුවරුවක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම සමඟින් කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගැනීම, යම්තාක් දුරකට සාධනීය කටයුත්තක් ලෙසින් නම් කළ හැකිය. කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළ පවතින මට්ටමෙන් ගොඩ ගැනීමට නම් මීට වඩා දැනෙන වෙනසක් සිදුකිරීමට වගකිව යුත්තන් පියවර ගත යුතුය.

    දේශීය මුදලේ වටිනාකම පහළ යාම, පොළී අනුපාතික ඉහළ යාම යනාදී සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන් මෙන්ම රාජ්‍ය අරමුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජන සීමා කිරීම, ව්‍යාපාරකරණයට වඩාත් පහසු නීති රෙගුලාසි යනාදී කෙටි කාලීනව සොයා බැලිය යුතු යුතු අංශ වෙත ප්‍රමාණවත් අවධානයක් දැන් හෝ යොමු නොවන්නේ නම් මෙරට කොටස් වෙළෙඳපොළ පිළිබඳව තවදුරටත් ආයෝජක විශ්වාසය ගොඩනැංවීම සිහිනයක්ම වනු ඇත. ඒ අතරම දීර්ඝ කාලීන ප්‍රතිපත්ති මත පදනම්ව මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීමට කටයුතු යෙදීම ද බලධාරීන් විසින් හැකි ඉක්මනින් අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කර්තව්‍ය වන්නේය.

     

    ප්‍රස්ථාර සටහන - ATrad ඇසුරිනි.

    Video Story

    ජාත්‍යන්තරයට යන ලංකාවේ පළමුවෙනි English Animation Movie එකBIG FOCUS | සංචාරක ආකර්ෂණය හා ඉහළ යන අපේ වටිනාකමශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමඅයවැය ලියවිල්ල සහ මහජන අපේක්ෂා | අලුත් පාර්ලිමේන්තුවදකුණුලකට හිල්ටන් හෝටලය ගෙනා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා | Travel With Chaturaමේ ඔක්කොම පිරමීඩද? | අලුත් පාර්ලිමේන්තුවආනයන සීමා ඉවත් වෙන වාහන මෙන්නDerana 360 | ශෙහාන් සේමසිංහIMF තීරණය අභිමුව කොටස් වෙළෙඳපාළේ ඉහළ යාමක්, විදෙස් ආයෝජකයෝ අදත් සක්‍රීයයිලංකාවේ කොටස් වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවෙයිකොටස් වෙළෙඳපොළ අදත් පහළටකොටස් වෙළෙඳපොළ ඒකක 111කින් ඉහළටඅඛණ්ඩව දෙවන දිනයටත් කොටස් වෙළෙඳපොළ පහළටමෙම සතියේ අඛණ්ඩව දෙවන දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළටකොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් - 2023.02.20කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.13කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.09කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.08කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.03කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.02කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.26රට කොතැනද?කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.13කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.12කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.10කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.09කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.04BIG FOCUS | යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ අපේක්ෂිත අරමුණු ඉටු කරයිද?රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සැබෑව සහ යථාව | අලුත් පාර්ලිමේන්තුවBIG FOCUS | 2023 අයවැය ආර්ථික අර්බුදයට විසඳුමක්ද?Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වාආර්ථිකය යළි ගොඩනැංවීම හා අපේ වගකීමආර්ථික අර්බුදයේ තිත්ත ඇත්ත මහ බැංකු අධිපති හෙළිකරයිREBUILD SRI LANKA | පෝලිම් අඩුකළ QR මෙහෙයුමයළි ගොඩනැගෙන ශ්‍රී ලාංකේය ආර්ථිකයDerana 360 | විශේෂ වැඩසටහන | ආචාර්ය නන්දලාල් වීරසිංහඉවතලන ප්ලාස්ටික් බෝතල්වලින් රටට ඩොලර් ගෙනෙන ශ්‍රී ලාංකිකයෝBIG FOCUS | ආර්ථික අභියෝග, විශේෂඥ මත සහ රටේ අනාගතයඅර්බුදයෙන් ගොඩඑන මඟ මහ බැංකු අධිපති කියයිකෝප් කමිටුවට ආ මහ බැංකු අධිපති ඇත්තම කියයිනව අගමැතිගේ ආර්ථික නැඹුරුව හා අනාගත ශ්‍රී ලංකාවවත්මන් ආර්ථික තත්ත්වයBIG FOCUS | ආර්ථික අර්බුදය, විදෙස් සහන ණය හා අපේ රටDerana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වාආර්ථික අර්බුදයේ නොපෙනෙන අවදානමDerana 360 | එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහවිදේශ විනිමය අර්බුදයෙන් ගොඩ එන මඟඩොලරය ගැන මහ බැංකුව ගත් තීරණය ප්‍රායෝගිකද?ඩොලර් ප්‍රශ්නය හමුවේ බිඳවැටෙන මෙරට ආර්ථිකයරටට අවශ්‍ය ඩොලර් රට තුළ උපදවන්නේ කෙසේද ?මෙරට ඉදිවන විශාලතම සිමෙන්ති කම්හල"එක්ව ජයගමු" විශේෂ වැඩසටහනකොවිඩ් වලින් පසු රටට ආයෝජන ගෙන එන්නේ කෙසේ ද? | BIG FOCUSකොළඹ කොටස් වෙළෙඳ පොළේ නව පිබිදීමනැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පැවරීමේ තීරණයක් නැහැ - අගමැතිශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020 අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාවඑක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා අද දෙරණ 24 සමඟ කළ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවවසර 28කට පසු අපනයන සංවර්ධන සභාව රැස්වෙයිCOVID-19 ව්‍යාප්තිය සමග අපනයන ක්ෂේත්‍රය මුහුණදෙන ගැටලු | OPEN MICමහ බැංකුවේ ලියාපදිංචි නොවූ කිසිම ආයතනයකට ලිසිං දෙන්න බැහැ - මහ බැංකු අධිපතිප්‍රතිපත්ති තීරණ සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයCOVID-19 හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික දිශානතියCOVID-19 මගින් ඇතිවිය හැකි ආර්ථික බලපෑම හමුවේ මහා බැංකුවේ ක්‍රියාමාර්ගකොරෝනා (COVID-19) වසංගතය ව්‍යාප්ත වීම මධ්‍යයේ ආර්ථික කටයුතු වෙත ඇති විය හැකි බලපෑම වළක්වාලීමBIG FOCUS : බදු සහනවලින් ජනතාවට ලැබෙන වාසිකොළඹ වරාය සංවර්ධනය උදෙසා වූ ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර සහයෝගීතා ගිවිසුම අත්සන් කෙරේපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයරියැදුරු අසුන වෙල්ගමට. මලික් පිටුපසටඩොලර් මිලියන 3,850 ක ඉතිහාසයේ විශාලතම සෘජු විදේශ ආයෝජනය හම්බන්තොට මිරිජ්ජවිලටඅපි ඉස්සරහට පරදින එකනම් ෂුවර් - ධම්මික ක්‍රිකට් ගැන කතා කරයිDissecting Budget 2019ජාතික ආර්ථික සභාවෙන් වෙන දේ මෙන්නබදු ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වා ගෙන යන්න - ඩිල්ෂාන් වීරසේකරගොඩ කර අවසන් කළ වරාය නගරයවෝහාරික විගණනයේ සම්පූර්ණ භාරකාරයා විගණකාධිපතිඩොලරයත් සමඟම වාහන මිල ඉහළටශ්‍රී ලංකාව මුහුණ දෙන සැබෑ ආර්ථික ගැටළු2018 අයවැයේ කඩවුණු පොරොන්දුඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලරය ශක්තිමත් කල හැටිසමාජය පොහාසත් නම්, අපට සුපිරි පොහොසතුන් වෙන්න පුළුවන් - ධම්මික පෙරේරාසංචාරක මගී නෞකා කර්මාන්තය කොයිබට ද?ශ්‍රී ලංකාවේ ඇලුමීනියම් හැඩගැස්වීමේ කර්මාන්තයේ හෙට දවසසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් කොළඹ කොටස් වෙළදපොලේ නවතම පුවරුවක්සිංගප්පූරු ගිවිසුමෙන් ලොකුම ප්‍රතිලාභය ලැබෙන්නේ ආයෝජනවලින්Youtube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුල මුදල් ඉපයීමේ කදිම අවස්ථාවක්දේශීය ව්‍යවසායකයා ආරක්ෂා වන අයුරින් නිදහස් වෙළෙඳ ගිවිසුම් සකස් කළ යුතුයි - දිනුක් හෙට්ටිආරච්චිතව වසර 3 කින් කොළඹ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,650 යිකුඩා වෙළෙඳපොළක් මඟින් ආර්ථික වර්ධනයක් ලබාගත නොහැකියිBIG FOCUS : අධික බදු බර සහ රුපියල අවප්‍රමාණය වීමනව ආර්ථික වැඩපිළිවෙලක් - මහාචාර්ය ලලිත් සමරකෝන්රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය රුපියල කඩා වැටෙන්න හේතුවෙලා – ආචාර්ය ප්‍රියංග දුනුසිංහBitcoin - ලාභ, පාඩු, අවදානම් විශේෂඥයෙකුගෙන් දැනගනිමුපොළී මුදලාලි නීති විරෝධී නැහැ - ජෙ.නි. මහ බැංකු අධිපති කියයිපඩිය ලක්ෂයට වැඩි නම් මේ මාසයේ සිට Paye කැපෙන්නේ මෙහෙමයිජපාන - ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්Evening with a Corporate Leader : ධම්මික පෙරේරාමිලියන 4 ක සංචාරකයින් ගෙන්වන ධම්මිකගේ සැලැස්ම මෙන්නගෑස් මිල ඉහළට?ETI - නව ආයෝජකයා තැන්පත්කරුවන්ට වාසිදායක විය යුතුයිකොටස් වෙළෙඳපොළේ EPF ආයෝජන විනිවිදභාවයකින් සිදුකරනවා - සහකාර මහ බැංකු අධිපති කේ.ඩී රණසිංහදේශපාලන ස්ථාවරභාවය අත්‍යාවශ්‍යයි - මහ බැංකු අධිපතිඅයවැය ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ අධීක්ෂණය දුර්වලයි2018 වසරට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් LVL Energy Fund කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවට එක්වෙයිඅමෙරිකාවේ GSP සහනය 31 අවසන්තේ ගැටළුව ගැන ජනපති මෛත්‍රීගෙන්, රුසියානු ජනපතිට නිල ඉල්ලීමක්ජැට් හෝල්ඩිංග්ස් සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළට...රුපියල් බිලියන 1.2 ක LVL Energy Fund මූලික කොටස් නිකුතුව ඇරඹෙයිලංකාව හා ද.කොරියාව අතර ගිවිසුම් 5ක් අත්සන් තැබේඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම හමුවටණය බරින් මිරිකී සිටින ජනතාව ගැන මහ බැංකුවේ අවධානය දැඩිවෙයිතෙල් නැව ප්‍රතික්ෂේප වූ හැටි ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන කියයිවරාය නගරයේ බ්ම් සැකසුම 50%ක් අවසන්ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ඩිජිටල්කරණය ගැන අවබෝධතා ගිවිසුමක් ලඟදීමලිට්ල් හාර්ට් සඳහා DSL ආයතනය අනුග්‍රහය දක්වයිශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන විශාලම නෞකාව ජපානයටබැදුම්කර සිද්ධියට අදාල දුරකථන හඬපට සතිත ඩීවීඩී තැටි කීපයක් කොමිසම භාරයටබැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළ ලිපිගොනුවල වෙනසක්නුවරඑළියේ සුපිරි හෝටලය ජනපති අතින් විවෘත කෙරේනව දේශීය ආදායම් පනත් කෙටුම්පත් විවාදය සිකුරාදාශ්‍රී ලාංකිකයෙක් ලොව විශාලතම මගී ගුවන් යානය කටුනායකට ගොඩබස්සවයිනව රේගු පනතක් ළඟදීමඅර්ජුන මහේන්ද්‍රන්ගේ තර්ජනයක් ගැන හෙළිදරව්වක්දේශීය ආයෝජකයින්ට කොටස් වෙළෙඳපොළ සම්මන්ත්‍රණඇලෝසියස්ගේ ලැප්ටොප් හා ෆෝන් ඉල්ලා කොමිසමෙන් නියෝගයක්ශී‍්‍ර ලංකා රේගුව රේගු නිශ්කාෂණය සඳහා අන්තර්ජාල ගෙවීම් වේදිකාවක් හඳුන්වා දෙයිඋසම බිල්ඩිමේ දෙදරන කතා – වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්IMF දෙවන වාරිකය අනුමතයිඅමාරු වුණත් තීරණ ගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි.රවී කරුණානායකගේ අමාත්‍යාංශ වල නොගැලපීමක් ගැන බන්දුල කියයිඉදිරියේදී උපරිමයෙන් කැපවී වැඩකටයුතු කරනවාහානියට පත් ව්‍යාපාර පිළිබඳ සංගණනයක් ඇරඹෙයිශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම දෙවනවරටත් ලන්සු කැඳවීමට සූදානම් - කබීර් හෂීම්මෙරට ආර්ථීකය අපනයන ආර්ථිකයක් බවට පත් කරනවාThe ODEL MallWe will bring in new legislation – PM (English)All securities issued by the government are absolutely safe – CB Governor
    The requested content cannot be found
    ජාත්‍යන්තරයට යන ලංකාවේ පළමුවෙනි English Animation Movie එක

    Stock Market

    Exchange Rates