June, 20, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.87 කින් පහළ ගිය අතර එය ඒකක 6,461.12 ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 2.13 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,010.34 ක් ලෙසින් සටහන් විණි.
අද දිනයේ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 382.61 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන ලද්දේ NDB බැංකුවේ රුපියල් මිලියන 136 ක හා සම්පත් බැංකුවේ රුපියල් මිලියන 41.68 ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනු දෙකකි. මෙහිදී සාමාන්‍ය දෛනික ගනුදෙනුවලින් වැඩිම පිරිවැටුම වාර්තා කරන ලද්දේ ද NDB බැංකුව විසිනි. එය රුපියල් මිලියන 40.38 කි.
මීට අමතරව වැලිබල් පවර් රු. මිලියන 22.34 ක්, ඩිස්ටිලරීස් රු. මිලියන 20.85 ක්, හොටේල් සීගිරිය රු. මිලියන 16.44 ක් හා සම්පත් බැංකුව රු. මිලියන 10.43 ක් ලෙසින් අද දිනය තුළ ඉහළ පිරිවැටුම් වාර්තා කරන ලද සමාගම් අතරට එක්වී තිබිණි. සෙසු එකදු සමාගමක් හෝ රු. මිලියන 10 ඉක්මවූ පිරිවැටුමක් වාර්තා කිරීමට සමත් වී නොතිබිණි.
Video Story