කොළඹ කොටස් පොළ 6,500 සීමාව බිඳියි

    July, 8, 2014

    කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය 2011 ඔක්තෝම්බර් 14 වනදායින් පසුව පළමු වරට අද ගනුදෙනු අවසානයේදී ඒකක 6,500 සීමාව පසුකිරීමට සමත් විය.

    මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 6565.73 ක්වූ අතර එය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 66.73 ක සහ සියයට 1.03 ක ඉහළ නැගීමකි.

    ගනුදෙනු අවසානයේදී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 3,679.69 ක්වූ අතර එය ඒකක 61.80 ක සහ සියයට 1.71% ක ඉහළ යාමක් වේ.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 1.7 ක් බව කොළඹ කොටස් වෙළඳ පොළ කියයි.