March, 9, 2016
ඊයේ දිනයේ දී අග්රාමාත්යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව බදු සංශෝධන සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර එහිදී හඳුන්වා දෙන ලද ප්රාග්ධන ලාභ බද්ද කොටස් වෙළෙඳපොළට ද අදාළ වනු ඇතැයි ක්ෂේත්රය තුළ මේ වන විට කතා බහක් ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් අප ඊයේ දිනයේ දී කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති රවි අබේසූරිය මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ මෙවැනි ප්රාග්ධන ලාභ බද්දක් කොටස් ගනුදෙනු සඳහා ක්රියාත්මක කිරීමේ දී ප්රායෝගික ගැටළු කිහිපයක් පැන නැඟිය හැකි බවයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ ඊයේ දිනයේ ඒකක 122 කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය අතර අද දිනයේ දී පෙරවරු 11.30 පමණ වන විට තවත් ඒකක 131 කින් එය පහළ ගොස් තිබිණි. ඉන්පසු ක්රමයෙන් දෛනික ගනුදෙනු යථා තත්ත්වයට පත්වන බවක් දක්නට ලැබුණි.
මෙහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,862.35 ක් ලෙසින් වාර්තා වූ අතර පූර්ව දිනයට සාපේක්ෂව එහි පහළ යාම ඒකක 72.37 ක් හෙවත් 1.22% ක් විය. මෙහිදී කැපී පෙණුනු කරුණ නම් රුපියල් බිලියන 1.83 ක වාර්තා ගත පිරිවැටුමක් දිනය තුළ දී වාර්තා වී තිබීමයි.
දෛනික පිරිවැටුමෙන් විදේශීය මිල දී ගැනීම් රුපියල් බිලියනයක් ලෙසින් වාර්තා වූ අතර දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 790 කි. මෙහිදී දේශීය විකිණුම් රුපියල් බිලියන 1.39 ක් ලෙසින් වාර්තා වෙද්දී විදේශීය විකිණුම් රුපියල් මිලියන 437 ක් තරම් සාපේක්ෂව පහළ අගයක් විය.
වසර ආරම්භය හා සැසඳීමේ දී සියලු කොටස් මිල දර්ශකය 14.97% කින් පහළ ගොස් තිබේ.
Video Story