කොළඹ කොටස් වෙළෙඳපොළ දැන් අම්බලන්තොට නගරයේ

    October, 16, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි නවතම ශාඛාව අම්බලන්තොට නගරයේ (14) විවෘත කරන ලදී. අංක 52, හම්බන්තොට පාර, අම්බලන්තොට යන ස්ථානයෙහි විවෘත කරන ලද මෙම ශාඛාව තුලින් ප්‍රදේශයේ මහජනයා හට ආයෝජන අවස්ථා පිළිබඳව අධ්‍යයනයට අවකාශය සලසා ඇති අතර පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

    මේ ආකාරයට අම්බලන්තොට ශාඛාව තුලින් හම්බන්තොට, බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්ක තුල වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු කර ඇත.

    නව ශාඛාව පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සභාපති වජිර කුලතිලක මහතා පවසා සිටියේ මෙවැනි නව ශාඛා තුලින් රට වටා සිටින ආයෝජකයන් හට කොටස් සහ ණයකර පිළිබඳව දැනුම වැඩිදියුණු කිරීම සඳහා අවකාශය ලැබෙන බවයි. තවදුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි වර්ධනයට සරිලන ආකාරයට ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.