කොළඹ කොටස් හත්දහසෙන් පහළට වැටෙයි

    November, 16, 2015

    මාස 04 කට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ අඩුම මිල දර්ශක අගය අද දිනයේ දී වාර්තා විය. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,965.98 ක් ලෙසින් වාර්තා වූ අතර 2015 ජූලි 10 වැනි දින සියලු කොටස් මිල දර්ශකයේ අගය වූ ඒකක 6,984 න් පසුව වාර්තා වූ අඩුම මිල දර්ශක අගය මෙයයි.

    මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 35.83 ක හෙවත් 0.51% ක පහළ යාමකි. දිනය තුළ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 677.3 කි. මෙයින් රු. මිලියන 408 ක් දේශීය මිල දී ගැනීම් වන අතර රු. මිලියන 268.96 ක් විදේශීය මිල දී ගැනීම් වශයෙන් වාර්තා වේ.

    සමස්තයක් ලෙසින් ගත් කල, 2015 වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 4.56% කින් පහළ ගොස් තිබේ.