March, 24, 2021
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ශ්‍රී ලංකා ආර් ථිකයට කාන්තා දායකත්වය යනාදී අරමුණු පෙරදැරිව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ කොටස් හුවමාරුව (CSE) පසුගියදා යළිත් වරක් එම ආයතනයෙහි කාන්තා ශ්‍රම බලකාය ඇගයීමකට සහ සවිබල ගැනීමකට මුල් පීරන ලදී.
කොළඹ කොටස් හුවමාරුව සමස්ත කාර් යය මණ්ඩලයෙන් 43% කින් කාන්තා ශ්‍රම බලකාය සමන්විත වන අතර එය ප්‍රතිශතයක් ලෙස ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අතරද පෙන්නුම් කෙරේ. පසුගිය වසර 35 තුළ ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලෙහි වර් ධනයට එම ආයතනයෙහි කාන්තා ශ්‍රම බලකාය සෑම අංශයකින්ම සක්‍රීයව දායක වී ඇත.
2021 අන්තර් ජාතික කාන්තා දිනයට සමගාමීව කොළඹ කොටස් හුවමාරුවෙහි මානව සම්පත් අංශය විසින් ආයතනයෙහි කාන්තා සේවිකාවන් ඇගයීමකට ලක්කිරීම, කාන්තා සවිබල ගැන්වීම මත පදනම් වූ අභ්‍යන්තර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇතුළු වැඩසටහන් ගණනාවක් සංවිධානය කරන ලදී. සේවා යෝජකයෙකු ලෙස කොළඹ කොටස් හුවමාරුව සිය මානව සම්පත් මුල්පිරීම් තුළින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර් ධනය කිරීම හා පවත්වාගෙනයාම යනාදී කරුණු කෙරෙහි නිරන්තරයෙන් වැඩි අවධානයක් යොමු කරනුයේ සේවකයින්ගේ යහපැවැත්ම යන දිගුකාලීන අරමුණු උදෙසාය.
2021 වර් ෂයෙහිදී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණ පෙරදැරිව ලෝක බැංකු සමුහයේ සමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හ අනෙකුත් දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එකාබද්ධව කොළඹ කොටස් හුවමාරුව අබණ්ඩව සයවන වසරටත් සීනුව නාද කොට ගනුදෙනු ආරම්භ කිරීම උත්සවාකාරයෙන් සමරන ලදී. වාර් ෂිකව ලොව පුරා විවිධ කොටස් හුවමාරුවල පැවැත්වෙන මෙවැනි සීනුව නාද කිරීමේ උත්සව තුලින් ආර් ථික සංවර් ධනය සදහා කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීම තුලින් පෞද්ගලික අංශයෙහි තිරසාර සංවර් ධනය ප්‍රවර් ධනයට ඉවහල් වන්නේ කෙසේද සහ එහි ඇති වැදගත්කම මෙහිදී පෙන්නුම් කරනු ලබයි. මෙම උත්සවයෙහි ප්‍රධාන දේශනය මෙහෙයවන ලද්දේ හේමාස් පීඑල්සී සමාගම් සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකාවේ පොදු සමාගම් සමූහයක ප්‍රථම කාන්තා ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරු කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය විසිනි.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි මානව සම්පත් අංශ ප්‍රධානී අනෝජා සේනානායක මහත්මිය පවසා සිටියේ,“ සේවා යෝජකයින් සහ වගකිවයුතු සමාගම් ලෙස සමාජයේ සහ සේවා ස්ථානවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සඳහා ඉදිරිපත් වීමට අප සෑමවිටම කටයුතු කල යුතු වෙනවා. කොළඹ කොටස් හුවමාරුව, අපි සැමවිටම මෙහෙයවනු ලැබුවේ එම විශ්වාසයෙන් යුතුවයි. සෑම අංශයකම කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ආයතනයක වර් ධනයට අත්‍යවශ්‍ය වන අතර කාන්තාවන්ට ඔවුන්ගේ හැකියාවන් සපුරාලීමට සහ ඔවුන්ගේ නායකත්ව කුසලතා උපයෝගී කර ගැනීමට එවැනි පරිසරයක් නිර් මාණය කිරීමට අප සෑමවිටම කැපවී සිටිනවා”. යනුවෙනි.
Video Story