කොළඹ වරායට, සංචාරක මගී නෞකා පර්යන්තයක්

    July, 21, 2015

    සංචාරක කටයුතු සඳහා යොදා ගන්නා විශාල නෞකා (cruise ships) නතර කිරීම සඳහා කොළඹ වරායේ වෙනමම පර්යන්තයක් ගොඩනැගීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ලක්දාස් පනාගොඩ මහතා සඳහන් කරයි.

    ඔහු පවසන්නේ නව රජය විසින් පසුගිය මාස හයක කාලය තුළදී මෙම වැඩසටහන සඳහා කටයුතු කළ බවයි.

    ලංකා වාණිජ මණ්ඩලයේ (Ceylon Chamber of Commerce) රැස්වීමක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    මෙරට යුද්ධය අවසන් කිරීම හමුවේ සංචාර සඳහා මගීන් රැගෙන යන ජාත්‍යන්තර නෞකා (cruise ships) සමාගම්වල අවධානය කොළඹ වරාය කෙරෙහි ලැබී තිබුණත් එවැනි නෞකා වෙනුවෙන්ම කැපවුණු පර්යන්තයක් කොළඹ වරායේ නොමැතිවීම අඩුපාඩුවකි.

    Video Story

    Stock Market

    Exchange Rates