June, 28, 2016
ආසියානු සංවර්ධන බැංකුව සහ Sumitomo Mitsui Banking Corporation (SMBC) අතර සම-උපදේශාත්මක සේවා ගිවිසුමක් අත්සන් කොට තිබේ. ඒ කොළඹ වරායේ නැගෙනහිර බහැලුම් පර්යන්තයේ සේවා කටයුතු වෙනුවෙනි.
මෙහිදී දැනට පවතින මීටර 440 ක දිගින් යුතු ගැඹුරු දිය නැංගුරම්පළ හා මීටර 1,200 ක දිගින් යුතු නැංගුරම්පළ සම්පූර්ණයෙන් නවීකරණය කිරීම සඳහා මෙමඟින් මූල්‍යාධාර සැලසෙනු ඇත.
මෙය ඇමරිකානු ඩොලර් මිලියන 550 ක ව්‍යාපෘතියකි.