කොළඹ වරායේ බහාලූම් හැසිරවීම දැවැන්ත නෞකා පැමිණීමෙන් ඉහළට

    January, 21, 2016

    කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT) 2015 වසරේ බහාලූම් මිලියන 1.561 හසුරවමින් තවත් සුවිශේෂී කඩ ඉමක් පසුකිරීමට සමත් වී ඇති අතර පර්යන්තය හැසිරවූ සමස්ත බහාලූම් වලින් 67% ක්ම සුවිශාල නෞකා (ULCC) සහ විශාල නෞකා (VLCC) කාණ්ඩ වලට අයත්වීම මෙහිදී කැපී පෙනේ.

    දැවැන්ත පරිමාණයේ නෞකා වලින් ප්‍රවාහනය කරන බහාලූම් හැසිරවීමේ හැකියාව තිඛෙන දකුණු ආසියාවේ පළමු සහ එකම ගැඹුරු මුහුදු පර්යන්තය වන්නේ කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තයයි. කොළඹ වරාය විසින් 2015 වසර තුළදී බහාලූම් මිලියන 5.185 ක් හසුරුවා තිඛෙන අතර එය සමස්තයක් ලෙස 2014 වසරට සාපේක්ෂව 5.7්‍ර ක වර්ධනයකි. මෙහිදී, කැපී පෙනෙන කාරණයක් වන්නේ කළාපයේ පිහිටි ප්‍රතිඅපනයන වරායන් කිහිපයක් 2015 වසරේදී සෘණ වර්ධනයක් හෙවත් පසුබෑමක් පෙන්වීමයි.

    කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තයේ (CICT) ප්‍රධාන විධායක නිළධාරී, නෙල්සන් ලියූ මහතා මෙම වාර්තාගත වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සඳහා සුවිශාල දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් ඉහළ සහයෝගය මෙම වර්ධනය ලබාගැනීමට සුවිශාල උපකාරයක් වූ බවයි. කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තයට (CICT) මෙම සාර්ථකත්වය ළඟාකර ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ කර්මාන්තයේ අනිකුත් පාර්ශවකරුවන්ගේ සහයෝගය හේතුවී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    “දැවැන්ත ප්‍රමාණයේ නෞකා භාර සමාගම් විසින් අප ලබාදෙන කාර්යක්ෂම සහ වෘත්තීයත්වයෙන් ඉහළ සේවාව හොඳින් හඳුනා ගෙන තිඛෙනවා¡ ශ්‍රී ලංකා රේගුව විසින් පැය විසි හතර පුරාම සේවා ලබාදීමට ඉදිරිපත් වීමත් සමගම රාත්‍රී කාලයේදී බහාලූම් හැසිරවීමද වේගවත් වුණා“, යනුවෙන් ලියූ මහතා සඳහන් කළේය. “මෙම සියළුම සාධක නිසා කොළඹ වරාය කෙරෙහි විශ්වාසය තැබූ ව්‍යාපාරික පාර්ශවකරුවන්ගේ, නැව් සමාගම්වල මෙන්ම ආනයනකරුවන්ගේ සහ අපනයනකරුවන්ගේ විශ්වාසය තව තවත් වර්ධනය වුණා.“

    2015 වසරේදී ආසියා යුරෝපා නාවික මාර්ගයේ ගමන් ගත් විශාල නෞකා වලින් සැලකිය යුතු ප්‍රමාණයක් CICT පර්යන්තයට පැමිණීම කැපී පෙනේ. මෙම නෞකා අතර MSC New York (බහාලූම් 16,652) CMA CGM Marco Polo (බහාලූම් 16,020) සහ නෞකාවක බහාලූම් 14,770 ක් පමණ රැගෙන යන Edith Maersk, Estelle Maersk, Ebba Maersk, Elly Maersk සහ Eugene Maersk යන නෞකා ඉදිරියෙන්ම සිටීග

    මීට අමතරව කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය විසින් 2015 වසරේදී කොළඹ වරායට නව සේවාවන් සපයන නැව් සමාගම් දෙකක් එක්කර ගැනීමට කටයුතු කරන ලදීග මෙම නැව් සමාගම් දෙක වන්නේ දශකයකට පෙර මෙරටට පැමිණීම අත්හැර දැමූ චයිනා ෂිපිං කන්ටේනර් ලයින් සහ කොළඹ වරායට අළුත් ගනුදෙනු කරුවෙකු වන කොරියා මැරිටයිම් ට්‍රාන්ස්පෝර්ට් කම්පනි යන සමාගම්යග ඉදිරි වසර වලදී සිය ජාලය තවදුරටත් පුළුල් කිරීමේ සැලසුම් සහිතව මෙම සමාගම් පැමිණ තිබීම කැපී පෙනේග මෙම නව ගනුදෙනුකරුවන් සමග කොළඹ වරාය විසින් 2016 වසරේදී අළුත් සේවාවන් ලබාදීමට සැලසුම් කර ඇත.

    දැවැන්ත ආයෝජනයක් වන කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තයේ සම්පූර්ණ මෙහෙයුම් 2014 අප්‍රේල් මාසයේදී ආරම්භ වූයේ එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ කාලයට මාස 32 කට කලින්වීම සුවිශේෂී කාරණයකි. දැවැන්ත නෞකා හැසිරවීමේ හැකියාව තිඛෙන මෙම පර්යන්තය තුළින් එවැනි නෞකා හරහා ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායට තිඛෙන තත්ත්වය සුරක්ෂිත කිරීමට සමත්ව තිබේ.

    CICT සමාගම විසින් කොළඹ වරායේ ‘හරිත වරාය‘ සංකල්පය ප්‍රමුඛ කරගත් වැඩසටහනක් සඳහා නායකත්වය ලබාදීම වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක මුදලක් 2016 වසරේදී ආයෝජනය කිරීමට සූදානම් වේ. මේ යටතේ, මෙම සමාගමේ මව් සමාගම වන CMHI සමාගමේ විශේෂඥ තාක්ෂණික මාර්ගෝපදේශනය සමඟ CICT සමාගමේ ඉංජිනේරු කණ්ඩායමක් විසින් මේ වනවිටත් ඩීසල් වලින් මෙහෙයුම් කටයුතු කරන රබර් ටයර් යෙදූ සමාගමේ ගැන්ට්‍රි දොඹකර සියල්ල විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක කරන රබර් ටයර් යෙදූ ගැන්ට්‍රි දොඹකර බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

    කොළඹ වරාය තුළත් සමස්තයක් ලෙස නැව් කර්මාන්තය තුළත් හරිතාගාර වායු විමෝචනය අඩුකිරීම සඳහා සමාගම විසින් දක්වන කැපවීම මෙයින් පිළිඹිබු කරයි.