January, 3, 2025
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත 2024 වසරේ දී සුවිශේෂී කාර්යසාධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ පසුගිය වසරේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක පර්යන්ත සහ සෙසු පර්යන්ත සමස්තයක් ලෙස අඩි 20 බහාලුම් (Twenty-foot Equivalent Units -TEUs) මිලියන 7.78 ක ප්‍රමාණයක් හසුරුවා ඇති බවයි.
එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්යන්තවල සිදුකෙරමින් පවතින ඉදිකිරීම් කටයුතු මධ්‍යයේ වුවද TEU බහාලුම් මිලියන 2.41 ක් හසුරුවා තිබේ.
මීට අමතර SAGT පර්යන්තය විසින් TEU බහාලුම් මිලියන 2 ක් හා CICT පර්යන්තය මගින් බහාලුම් මිලියන 3.35 ක් පසුගිය වසර තුළ හසුරුවා ඇත.