August, 28, 2015
මෙරට ප්‍රධාන තේ වෙළඳ පොළවල් වන රුසියාව සහ මැදපෙරදිගින් ඇති ඉල්ලුම අඩුවීම හමුවේ මේ සතියේදීත් කොළඹ වෙන්දේසියේදී තේ මිල ගණන් පහළ ගියබව තැරැව්කාර සමාගම් කියයි.
රැසියාවේ රූබලය අවප්‍රමාණය වීම සහ මැදපෙරදිග ඇතිවී තිබෙන අර්බුද ගෝලීය තේ වෙළඳපොළ කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ.
මෙරට ප්‍රධානතම තේ ගැනුම්කරුවන් වන රුසියාවේ සහ මැදපෙරදිග ඇතිවී තිබෙන ආර්ථික අර්බුද හමුවේ පිට පිටම 11 වන වතාවටත් ගෙවුණු ජුනි මාසයේදී මෙරට තේ අපනයන පහළ වැටුණි.
ගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව මේ ජුනි මාසයේදී රැසියාවට මෙරටින් අපනයනය කළ තේ ප්‍රමාණය සියයට 29 කින් අඩුවූ අතර මැදපෙරදිගට අපනයනය කළ තේ ප්‍රමාණය සියයට 24 කින් අඩුවිය.
මේ නිසා, මෙරටින් ගෙවුණු ජුනි මාසයේදී අපනයනය කළ සමස්ත තේ ප්‍රමාණය අඩුවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ දත්ත මගින් අනාවරණය වේ.
රුසියාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයෙන් මෙරට පහත රට තේ කර්මාන්තය දැඩි බලපෑමකට ලක්වී තිබෙන අතර කර්මාන්ත කරුවන් සඳහන් කරන්නේ පහත රට තේ මිල මේ නිසා සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවයි.
ශ්‍රී ලංකාවෙන් වසරකට තේ මෙට්‍රික් ටොන් මිලියන 300 ක් පමණ පිටරට යවන අතර මින් මෙට්‍රික් ටොන් මිලියන 200 ක් පමණම පහත රට තේ වේ.
පහත රට තේ වලින් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 40 ක් පමණ මිලදී ගන්නේ රුසියාව විසිනි. ඒ අනුව, පහත රට තේ මිලදී ගන්නා ප්‍රමුඛම රට වන්නේ රුසියාවයි.
රුසියාවේ ආර්ථික අර්බුදය නිසා එරට විසින් මිලදී ගන්නා ශ්‍රී ලංකා තේ ප්‍රමාණය අඩුවී තිබේ.
Video Story