August, 20, 2014
කොළඹ නගරයේ පැල්පත් වාසී ජනතාව සඳහා නව නිවාස ඉදිකිරීමේ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිය යටතේ නිවාස ව්‍යාපෘති සිදුකිරීමට MTD Walkers PLC සමූහය විසින් CML-MTD නමින් නව ආයෝජන මණ්ඩල සමාගමක් ආරම්භ කර තිබේ.
මෙම නව සමාගම විසින් සිය ව්‍යාපෘතිය සඳහා විදේශීය ආයෝජන ලබාගැනීමට සූදානම් බවත් මුල් අදියරේ ව්‍යාපෘතිය යටතේ නිවාස 5000 ක් ගොඩ නැගීමට සූදානම් බවත් සඳහන්ය.
මේ වනවිට, කොළඹ නගරයේ ජීවත්වන 400,000 ක පමණ ජනතාවක් වෙනුවෙන් නිවාස පහසුකම් සපයාදීමට නාගරික සංවර්ධන අධිකාරිය මේ වනවිට කටයුතු කරගෙන යයි.
මෙම නව CML-MTD ආයෝජන මණ්ඩල සමාගම විසින් මැලේසියාවේ EXIM බැංකුවෙන් අරමුදල් සපයාගෙන නිවාස 1,650 ක් ගොඩනැගීම ආරම්භ කර තිබෙන බවත් මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් වටිනාකම රුපියල් බිලියන 5.7 ක් බවත් සඳහන්ය.
Video Story