February, 26, 2016
ඊයේ දිනයේ දී තමා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (COPE) වෙත කැඳවීම, සාමාන්‍ය ආකාරයෙන් රාජ්‍ය ආයතන පිළිබඳ විමසීම සම්බන්ධයෙන් කළ කැඳවීමක් පමණක් බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.
මෙහිදී පසුගිය වසර කිහිපයකට අදාළ මහ බැංකු ගිණුම් පිළිබඳ විගණකාධිපති වාර්තා පිළිබඳ සාකච්ඡා කළ බවත් පසුගිය ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල වීමක් හෝ විමසීමක් කිසිසේත්ම සිදුනොවූ බවත් මහ බැංකු අධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
Video Story