December, 30, 2019
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්රිස්බ්රෝ සමාගම, සිය නවතම ගබඩා පහසුකම් සංකීර්ණය සමගින් දේශීය බඩ ඉරිගු ගොවීන් සවිබල ගැන්වීමට සමත් ව සිටී. කුකුළු ආහාර සඳහා ප්‍රධාන අමුද්‍රව්‍යක් වන බඩ ඉරි`ගු දේශීය ගොවි ජනතාවගෙන් සෘජුව මිලදී ගන්නා බඩ ඉරිගු මෙම අතිනවීන ගබඩා පහසුකම් තුළ තැන්පත් කෙරෙන අතර මුළු ක්‍රියාවලියම පරිඝණක ගත කර ඇති බැවින් කිසිදු අපහසුවකින් හෝ ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවගේ බඩ ඉරි`ගු අස්වැන්න මිලදී ගැනීමට ක්රිස්බ්රෝ සමාගමට හැකියාව ලැබී ඇත.
ක්රිස්බ්රෝ සමූහයට අයත් ෆෝචූන් ඇග්‍රෝ හි ඒකාබද්ධ ව්‍යවසායක් ලෙස ක්‍රියාත්මක වන මෙම ගබඩා සංකීර්ණය මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලන්ඩුව ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙරට ස්ථාපිතව ඇති විශාලතම බඩඉරි`ගු ගබඩාව බවට පත් ව ඇත. දිස්ත්‍රික්ක කිහිපයක ගොවිජනතාව විසින් ගෙන එන ලබන බඩඉරි`ගු මිලදී ගැනීමේ සිට ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය අතිනවීන තාක්ෂණික ක්‍රමවේදයකට සිදු කෙරෙන අතර ගොවි ජනතාවගේ මුදල් කඩිනමින් ලබාදීමට ද මෙමගින් හැකියාව ලැබී ඇත.
මින් ඉහතදී තෙවැනි පාර්ෂවයක් හරහා බඩඉරි`ගු මිලදී ගැනීම සිදු වූ බැවින් ඉතා අඩු මුදලකට සිය අස්වැන්න ලබා දීමට ගොවිජනතාවට සිදු වු අතර අස්වැන්න සඳහා ලැබෙන මුදල් කලට වේලාවට ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය. එහෙත් ක්රිස්බ්රෝ ගබඩා සංකීර්ණය ආරම්භ කිරීමෙන් අනතුරුව ගොවිජනතාව ලබා දෙන බඩඉරි`ගු සඳහා වන ආදායම අස්වැන්න ලබා දුන් දිනයෙහිම ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට පහසුකම් සලසා දී ඇත. සියඹලන්ඩු, මොණරාගල, ගිරඅඳුරු කෝට්ටේ, මහියංගනය සහ අම්පාර යන ප්‍රදේශයන්හි බඩඉරි`ගු වගා කරන ගොවිජනතාවට මේ අනුව සෘජුවම සිය අස්වැන්න මෙම ගබඩා සංකීර්ණය වෙත ලබා දිය හැක. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, කොළඹ තොග වෙළෙඳපොළේ බඩඉරි`ගු සඳහා ලබා දෙන තොග මිල එලෙසම මෙම ගොවිජනතාවට හිමිවීමය.
මෙම ගබඩා සංකීර්ණයේ නවීකරණ කටයුතු සඳහා ක්රිස්බ්රෝ සමූහය විසින් රුපියල් මිලියන 500ක් ආයෝජනය කර ඇති අතර මෙහි ඉදිකර ඇති සිලින්ඩරාකාර ධාන්‍ය ගබඩාවන් 4 තුළ උපරිම වශයෙන් මෙට්‍්‍රක්ටොන් 16,000ක බඩඉරි`ගු ධාරිතාවක් තබා ගත හැක. එමෙන්ම ගොවිජනතාවගෙන් මිලදී ගන්නා බඩඉරි`ගු තෙත් සහ වියළි ධාන්‍ය ලෙස ගබඩා කිරීමේ හැකියාව ද හෙමි පවතී. කුකුළු කර්මාන්තයේ නියැලෙන සමාගම් අතුරින් මෙතරම් විශාලත්වයකින් සහ ඉහළ ධාරිතාවකින් යුතු ගබඩා සංකීර්ණයක් පවතින්නේ ක්රිස්බ්රෝ සමාගමට පමණි.
ගොවිජනතාවගෙන් සෘජුව මිලදී ගන්නා බඩඉරි`ගු තෙත බර සහිතව මුලින්ම මැන බැලෙන අතර ඉන් අනතුරුව තත්වකරණ පරීක්ෂණ ක්‍රියාවලිය වෙත යොමු කෙරේ. ඉන් අනතුරුව ජලවාශ්ප සහිත බඩඉරි`ගු අස්වැන්න යන්ත්‍රානුසාරයෙන් වියලා ගන්නා අතර ගොවින්ට සිය අස්වැන්න සඳහා වියලි බරට මුදල් ගෙවීම සිදුකෙරේ. සියලූ ගෙවීම් අස්වැන්න ලබා දුන් දිනම ගොවින්ගේ ගිණුම්වලට බැර කෙර්. මිලදී ගන්නා අස්වැන්න ගබඩා කිරීම සඳහා මෙට්‍්‍රක්ටොන් 4000 බැගින් ධාන්‍ය ගබඩා 4ක් මෙහි ස්ථාපනය කර ඇත.
මෙම ගබඩා පහසුකම් ක්‍රියාත්මක වීමට පෙර අතරමැදියන් හරහා සිය අස්වැන්න විකුණා ගැනිමට ගොවීන්ට සිදු වූ අතර ඉතා අඩු මුදලකට සිය අස්වැන්න විකිණීමට සහ එසේ විකුණන අස්වැන්න සඳහා මුදල් ලබා ගැනීමට සති කිහිපයක් බලා ඉන්නටත් සිදු වූවා. කෙසේ වුවත් මේවන විට ඔවුන්ගේ බඩඉරි`ගු අස්වැන්න සඳහා කොළඹ තොග මිල එදිනම සිය බැංකු ගිණුම් වෙතින් ලබා ගන්නට හැකිව තිබීම ගොවිජනතාව සවිබල ගැන්වීමෙහිලා ක්රිස්බ්රෝ සමූහය විසින් ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස නිසැක වශයෙන්ම හැඳින්විය හැකියි. මෙය අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ගනු ලැබූ පියවරක් මෙන්ම ග්‍රාමීය ගොවි ජනතාවගේ ණය ගැති බව තුරන් කරමින් දේශීය කෘෂිකර්මාන්තය පුබුදුවාලීමට ක්රිස්බ්රෝ විසින් ලබා දුන් මාහැ`ගි දායකත්වයක් ලෙසද හැඳින්විය හැකියි’’ යනුවෙන් ක්රිස්බ්රෝ හි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරෙස් සෙලාර් මහතා පැවසීය.
වෙළෙඳපොල ප්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක්රිස්බ්රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. එසේම කුකුළු පරම්පරාවන් අශ්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම්. මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක්රිස්බ්රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට (FARM TO FORK) යන සංකල්පය ක්රිස්බ්රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක්රිස්බ්රෝ සමාගම මේ වනවිට සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ප්රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට,දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක්‍රාකාරව රැකියා සපයමින් ශ්‍රී ලාංකික රැකියා ක්ෂේත්රයට, අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප්රතිලාභ උදා කර දී ඇත.