• Ada Derana BIZ Sinhala
  • HNB FINANCE
  • sri lanaka

ගංවතුරෙන් විපතට පත් නාවලපිටියේ ජනතාවට HNB FINANCE වෙතින් සහනාධාර

August, 24, 2022

නාවලපිටිය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයන් හි ඇති වූ ගංවතුර තත්වයෙන් විපතට පත් වූවන්ට ආහාර හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට HNB FINANCE හි නාවලපිටිය ශාඛාව පසුගිය අගෝස්තු 5 වන දින විශේෂ වැඩසටහනක් දියත් කළේය.

මෙහිදී නාවලපිටිය ශාඛා කාර්යමණ්ඩලයේ සියලූ දෙනාගේ ශ‍්‍රම දායකත්වය මත පිසූ ආහාර පාර්සල් 500ක්, වියළි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් සහ අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය විපතට පත්වූවන් වෙත කඩිනමින් ලබා දීමට කටයුතු කරනු ලැබීය.

"අඛණ්ඩව දින කිහිපයක් ඇදහැලූනු ධාරානිපාත වර්ෂාවෙන් නාවලපිටිය ප‍්‍රදේශයේ වතු සහ නගර ආශ‍්‍රිත නිවාසයන් හි ජීවත් වූ ඇතැමෙක්ට දිවි අහිමි වූ අතර විශාල පිරිසකගේ නිවාසවලට දැඩි අලාභ හානී සිදු වුණා. මේ තත්වය හමුවේ කඩිනම්ව ප‍්‍රතිචාර දැක්වූ HNB FINANCE නාවලපිටිය ශාඛාවේ අපගේ සමස්ත කාර්ය මණ්ඩලයට මගේ ප‍්‍රණාමය පුදකරනවා. ආයතනයක් ලෙස ජීවිත නංවාලීම අපේ අරමුණ වන අතර විශේෂයෙන් මෙබඳු විපතකදී ප‍්‍රදේශයේ ජනතාව අත්නොහරිමින් ඔවුන් වෙනුවෙන් සිදු කළ හැකි උපරිම මෙහෙවර ඉටු කිරීමට අපි කවදත් උත්සුක වුණා.” යනුවෙන් HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා පැවසීය.

ආරම්භයේ සිටම HNB FINANCE සමාගම ප‍්‍රජා වැඩසටහන් සඳහා සිය දායකත්වය ලබා දුන් අතර HNB FINANCE සමාගමේ දර්ශනයට අනුව පාරිභෝගිකයා පදනම් කර ගත් මූල්‍ය සේවා ලබා දෙමින් පුද්ගලයින් සහ ප‍්‍රජාවගේ ජීවිත ගොඩනැංවීමේ දිගු කාලීන අරමුණ වෙත කැපවී සිටි.