September, 1, 2016
ප්‍රමුඛතම සම්මාන 04 අතුරින් 03 ක් දිනාගනිමින් ජයග්‍රාහී ස්ථාන 16 ක් වාර්තා කරයි
ශ්‍රී ලංකා ඔටෝ ස්පෝර්ට්ස් ඩ්‍රයිවර්ස් ඇසෝසියේෂන් (SLADA) විසින් 2016 වසර වෙනුවෙන් සංවිධානය කරන ප්‍රමුඛතම ධාවන තරඟාවලියක් වන ගජබා සුපර්ක්‍රොස් තරඟාවලියේදී සියැට් ධාවක කණ්ඩායම අතිවිශිෂ්ට දස්කම් දක්වමින් ධාවක ශූරතාවය, මෝටර් රථ කණ්ඩායම් ශ=රතාවය සහ යතුරු පැදි කණ්ඩායම් ශ=රතාවය අත්කරගනිමිනA ජයග්‍රාහී ස්ථාන 16 ක් වාර්තා කිරීමට සමත්විය.
මෙහිදී, සියැට් කණ්ඩායමේ ධාවක උෂාන් පෙරේරා මහතා SLGT මෝටර් රථ අංශයේ පැවති තරඟ දෙකම ජයග්‍රහණය කරමින් තරඟාවලියේ ධාවන ශ=රතාවය දිනාගත් අතර කණ්ඩායමේ සාමාජික මලීක කුරුවිටආරච්චි මහතා සමඟ මෝටර් රථ කණ්ඩායම් ශූරතාවයද දිනාගත්තේය. මේ අතර, සියැට් ධාවක කණ්ඩායමේ ඉවෝන් ගුරුසිංහ සහ දේෂාන් සෝලන්කි විසින් යතුරු පැදි කණ්ඩායම් ශ=රතාවය දිනාගන්නා ලදී.
සියැට් ධාවක කණ්ඩායම මේ වසරේදී මෝටර් රථ කණ්ඩායම් ශ=රතාවය පිටපිටම දිනාගත් පස්වන අවස්ථාව වන අතර යතුරු පැදි කණ්ඩායම් ශ=රතාවය දිනාගත් දෙවන අවස්ථාව වේ.
සියැට් ධාවක කණ්ඩායම මේ තරඟාවලියේදී පළමු ස්ථාන හයක්, දෙවන ස්ථාන හයක්, තුන්වන ස්ථාන දෙකක්, සිව්වන ස්ථාන එකක් සහ පස්වන ස්ථාන එකක් දිනාගැනීමට සමත්විය.
“කණ්ඩායමේ දස්කම් අපිව අඛණ්ඩව දිරිගන්වන සුළු අතර එය සියැට් සන්නාමයට ඉතාමත් වටිනවා“, යනුවෙන් මේ තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමේ උප සභාපති විකුණුම්ල අලෙවිකරණ සහ අපනයන රවී ඩඩ්ලානි මහතා සඳහන් කළේය. “සන්නාමයේ සාර්ථකත්වයට කාර්ය සාධනය වෙනුවෙන් තිඛෙන දැක්මත් ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය යන ප්‍රධාන වටිනාකම් හේතුවී තිඛෙනවා. සියැට් ධාවක කණ්ඩායමේ සැමදා වර්ධනය වන දස්කම් පිළිබඳව අපි අතිශය සතුටට පත්වන අතර ඔවුන්ගේ කාර්ය සාධනය තුළින් එවැනිම වටිනාකම් විදහා දක්වනවා.“
2016 සියැට් ධාවක කණ්ඩායම උපුවන් සේරසිංහ, ජනක ඩයස්, පසිඳු පීරිස්, ලලින් කිරින්ද, ප්‍රසන්න ද අල්විස්, ලෙෆ්ටිනන්ට් කර්නල් දුමින්ද ජයසිංහ, ලෙෆ්ටිනන්ට් කර්නල් ඉන්දු සමරකෝන් සහ උෂාන් පෙරේරාල මලීක කුරුවිටආරච්චි, ගයන්ත රංගන, ඩෙවීන් සේරසිංහ, ඉවෝන් බී. ගුරුසිංහ සහ දේශාන් සෝලන්කි යන ධාවකයින්ගෙන් සමන්විත වේ.
2016 සියැට්-ස්ලාඩා ශ=රතාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ඔටෝ - ස්පෝර්ට්ස් ඩ්‍රයිවර්ස් ඇසෝසියේෂන් (SLADA) විසින් සංවිධානය කරන ධාවන තරඟ පහකදී මෙම කණ්ඩායම සියැට් වර්ණ යටතේ තරඟ වැදීමට නියමිතය. මීට අමතරව, දේශීය මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින් නියෝජනය කරන සංගම් දෙකකින් එකක් වන ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින්ගේ සංගමය (SLARDAR) විසින් 2016 වසරේ පැවැත්වීමට නියමිත ධාවන තරඟාවලි හතරකින් සමන්විත zකෑAඔ ීරස ඛ්බන් ීමචැර ීැරසැිZ සඳහා නාම අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී ඇත.
ගජබා සුපර්ක්‍රොස් තරඟාවලියේ ප්‍රමුඛතම සම්මාන හතර අතුරින් තුනක්ම දිනාගත් සියැට් ධාවක කණ්ඩායමේ සාමාජිකයින් වන (වමේ සිට) ඉවෝන් බී. ගුරුසිංහ, උෂාන් පෙරේරා, මලීක කුරුවිටආරච්චි සහ දේෂාන් සෝලන්කි
Video Story