ගම්මාන 1000 ක මාර්ග නැංවීමට ඩොලර් මිලියන 800 ක ණයක්

    July, 4, 2014

    දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, වයඹ යන පළාත්වල සහ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 800 ක ණයක් ලබා ගැනීමට රජය සූදානම් වේ.

    මෙහිදී, ගම්මාන 1000 ක් තෝරා ගන්නා බවත් ඒවා ප්‍රධාන මාර්ග ජාලයට සම්බන්ධ කිරීමට පියවර ගන්නා බවත් රජය සඳහන් කර ඇත.
    මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 106 ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ.