April, 1, 2024
අද (01) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය වඩාත් සක්‍රීය ස්වභාවයක් පෙන්නුම් කරනු ලැබීය.
දිනයේ මුල් පැය කිහිපය තුළ දී මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණ ද දිනය අවසානය වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.62 ක වර්ධනයක් වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසාන වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,479.00 ක් ලෙසින් සටහන් වුණි. S&P SL20 ඒකක 11.66ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,329.28 ක් ලෙසින් දැක්වුණි.
මේ අතර රු. බිලියන 4.12 ක සාපේක්ෂව දැවැන්ත පිරිවැටුමක් අද දින වාර්තා වීම විශේෂත්වයකි. එහිදී ඇම්බියන් කැපිටල් පීඑල්සී හි සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු හරහා රු. බිලියන 1.56 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. මීට අමතරව ගලදාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී හි සිදුවූ රු. මිලියන 784 ක ගිවිසාගත් කොටස් ගනුදෙනුව ද දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දෙන්නට සමත්විය.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා HNB, DFCC, NDB, හේලීස් සහ මෙල්ස්ටාකෝප් ඇතුළු සමාගම් 92 කින් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණි. මේ අතර සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, එයිට්කන් ස්පෙන්ස් සහ SMB ෆිනෑන්ස් ඇතුළු සමාගම් 71 ක කොටස් මිල ගණන් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව අද දින පහළ ගොස් ඇති බව කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දේ.
Video Story