ග්ලැක්සෝස්මිත්ක්ලයින් රු. මිලියන 5 ක් කොවිඩ් -19 සෞඛ්‍යාරක්ෂක සහ සමාජ ආරක්ෂක අරමුදලට පරිත්‍යාග කරයි

    August, 21, 2020

    ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) ආයතනය විසින් වර්තමානයේ පවත්නා කොරෝනා වසංගතය මර්දනය කිරීමෙහිලා ජාතික සෞඛ්‍යාරක්ෂක සහ මානවවාදී ක‍්‍රියාකාරකම් සදහා සහාය වෙමින්  රුපියල් මිලියන 5 ක් රජයේ කොවිඩ්  -19 සෞඛ්‍යාරක්ෂක සහ සමාජ ආරක්ෂක අරමුදල සදහා පරිත්‍යාග කළ බව මෑත දී නිවේදනය කරන ලදි. මෙරට ප‍්‍රධාන පෙළේ ඖෂධ සහ පාරිභෝගික සෞඛ්‍යාරක්ෂක නිෂ්පාදන සමාගමක් ලෙස කොවිඞ් -19 වසංගතය මර්දනය කිරීමෙහිලා ජාතික ක‍්‍රියාකාරකම්වලට ක‍්‍රියාකාරීව සහාය වෙමින් මේ සම්බන්ධයෙන් ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) ආයතනය බහු ජාතික සමාගමක් ලෙස ජාත්‍යන්තර මට්ටමෙන් දායක වීමට අපේක්ෂා කරයි.

    ‘’COVID-19 ලොව පුරා ව්යාප්ත වීමත් සමඟ ව මෙම වෛරසයට එරෙහිව සටන් කිරීමේ වෑයම සඳහා අපි ජාත්යන්තර මට්ටමින් ඉතාමත් කැපවීමෙන් සම්බන්ධ වුණෙමු. මෙම වෛරසයේ ව්යාප්තිය වැළැක්වීමට මෙන්ම ආසාදිතයන්ට සහාය වීමෙහිලා අප රට ගත් කරියාමාර්ග ඉතාමත් පරශංසනීයයි. අපි අපේ වීර සෞඛ්යාරක්ෂක සේවකයින්, රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික නායකයින් අගය කරන අතර කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීමෙහිලා රජය සමග අපි ද අත්වැල් බැඳගත්තෙමු. මෙම අසීරු කාලයේ දී අපගේ ජනතාව ආරක්ෂා කිරීම සදහා අපි එකට එක්ව කරියා කළ යුතු යැයි‘’ GSK කොන්සියුමර් හෙල්ත්කෙයාර් සමාගමේ කළමනාකරණ අධ්යක්ෂක සුනිල් මෙහෙරා මහතා පැවසුවේ ය.

    GSK ශරී ලංකා සමාගම, සුවතාවය සහ ආමාශ ආන්තරයික (Wellness & Gastrointestinal) සෞඛ්යය, මුඛ සෞඛ්යය, වේදනා සහ ශ්වසන යන කාණ්ඩයන් යටතේ කරියාත්මක වේ. වෙළඳපොළේ කවුන්ටරය හරහා පහසුවෙන් ලබාගත හැකි ඖෂධ කාණ්ඩ අතරින් GSK ආයතනය පරධාන සැපයුම් ආයතන අතරින් එකක් වන අතර (පැනඩොල් සඳහා), රතිජීවක, ශ්වසන හා එන්නත් යන අංශ සඳහාද පරධාන ඖෂධ සහ උපකරණ සැපයුම් කරයි.

    මෙම අනපේක්ෂිත අවස්ථාවේ ව්යාපාරයේ අඛණ්ඩ පැවැත්ම කෙරේ GSK ශරී ලංකා සමාගම  අවධානය යොමු කර ඇත. අපගේ නිෂ්පාදන කර්මාන්තයන්හී මෙහෙයුම් කටයුතු සිදුවන අතර ඒ හරහා අවශ්ය පුද්ගලයින්ට එම ඖෂධ අඛණ්ඩව සැපයීමට අප ඇපකැප වී ඇත

    කොවිඩ් -19 එන්නත් නිපදවීමෙහිලා කරියා කරන සමාගම් සහ පර්යේෂණ කණ්ඩායම් සමග GSK ජාත්යන්තර  කණ්ඩායම් අඛණ්ඩව හා සමීපව කරියා කරයි. මෑත දී GSK ජාත්යන්තර කණ්ඩායම් සැනෝෆි ආයතනය සමග හවුල්ව ලෝකයට කොවිඞ් -19 උපකාරක එන්නතක් සංවර්ධනය කිරීමෙහිලා ඔවුන්ගේ නව්යතම තාක්ෂණය සම්බන්ධ කරන ලදිනව්ය උපකාරක එන්නත එක් මාතරාවක් සදහා අවශ්ය එන්නත් ප්රෝටීන් පරමාණය අඩු කරන අතර ඒ තුළින් බොහෝ පිරිසක් ආරක්ෂා කිරීම සදහා වැඩි එන්නත් මාතරා පරමාණයක්  නිෂ්පාදනය කළ හැකි වනු ඇත.

    ‘‘මෙය ලෝක වසංගතයක් ලෙස පැමිණි අපගේ පොදු සතුරා පරාජය කිරීම සදහා එක්ව කරියා කළ යුතු කාලයකි. අපගේ කරියාකාරකම් බොහෝමයක්ම මානව හිතවාදී වේ. මෙම වසංගත කාලයේ දී කොවිඩ් -19 එන්නත් සදහා දායක වෙමින් ලාභ ඉපයීමට සමස්ථයක් ලෙස ඨීණ අපේක්ෂා නොකරයි. මෙමගින් උපයන යම් කෙටි කාලීන ලාභයක් වෙතොත් එය කොරෝනා වෛයිරසය සම්බන්ධ පර්යේෂණ සහ දිගු කාලීනව වසංගත සදහා සුදානම් වීම සම්බන්ධයෙන් GSK අභ්යන්තර ආයෝජන හරහා හෝ බාහිර හවුල්කරුවන් සමග අයෝජනය කරන බව’’ GSK ෆාර්මසියුටිකල්ස් කළමනාකරණ අධ්යක්ෂක උපේන්ද්ර සින්හ් මහතා පැවසුවේ ය.

    මීට අමතරව, GSK ජාත්යන්තර ආයතනය ක්වීන්ස්ලන්ඞ් විශ්වවිද්යාලය, ක්ලොව බයෝ (Clover Biopharmaceuticals) සහ ෂියාමන් ඉනෝවෙක්ස් බයෝටෙක් සමාගම (Xiamen Innovax Biotech Co., Ltd) සමග සම්බන්ධ වෙමින් ඵලදායී එන්නතක් සොයා ගැනීම වේගවත් කිරීම සදහා කරියා කරයි. සමාගම ඔවුන්ගේ වසංගත උපකාරක තාක්ෂණ හරහා ඵලදායී එන්නත් එකකට වඩා සංවර්ධනය කිරීම තහවුරු කිරීමෙහිලා කරියා කරයි.  

     

    ඡායාරූපය - ග්ලැක්සෝස්මිත්ලයින් ෆාර්මසියුටිකල්ස් හී වෛද්‍ය, නියාමක සහ රාජ්‍ය සම්බන්ධතා අධ්‍යක්ෂක වෛද්‍ය හෙක්ටර් වීරසිංහ (වමේ සිට දෙවෙනියට) සහ GSK කොන්සියුමර් හෙල්ත්කෙයාර් සමාගමේ සැපයුම් දාම ප‍්‍රධානී - චානක වන්නිආරච්චි ( වමේ සිට) යන මහත්වරුන් විසින් රුපියල් මිලියන 5 ක පරිත්‍යාගය,  ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලියු. ඞී. ලක්ෂාන් මහතාට (මැද) භාර දෙන ලදි.