ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන විස්කම් ප්‍රභා – 2025 ඇරඹෙයි

    October, 22, 2025

    බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන විස්කම් ප්‍රභා - 2025 ප්‍රදර්ශනය හා වෙළඳපොළ, බස්නාහිර පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේ බිම් මහලේදී ඊයේ (21) ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමත්, දිළිඳුකම තුරන් කිරීමත්, කාන්තාවන් සවිබලගැන්වීමත් මෙහි අරමුණයි.

    බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථාන 29ක දහසකට ආසන්න පුහුණුලාභී කාන්තා ව්‍යවසායකයන්ගෙන් තෝරගන්නා ලද ප්‍රදර්ශන භාණ්ඩ 2000කට ආසන්න ප්‍රමාණයකින් විස්කම් ප්‍රභා - 2025 සමන්විත වේ .

    ඔක්තෝබර් 21 සහ 22 දෙදින මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.