ගාල්ලේ අමරි මේ අවුරුද්දේ දී විවෘත කෙරේ

    January, 30, 2016

    මේ වන විට ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතින Amari Galle Sri Lanka සුබෝපභෝගී හෝටල් සංකීර්ණය 2016 වසරේ අවසාන භාගයේ දී විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

    කාමර 172 කින් යුතු මෙම හෝටල් සංකීර්ණයේ ඇති විශේෂත්වය වනුයේ මෙහි ඇති කාමර සියල්ලක්ම පාහේ වෙරළට මුහුණ ලා ඉදිකිරීමයි.

    දකුණු වෙරළ තීරයේ ගාල්ලේ පිහිටි Amari Galle Sri Lanka, සුප්‍රකට ව්‍යාපාරික බොබ් කුණ්ඩන්මාල් ගේ ප්‍රධානත්වයෙන් යුතු සිනෝ ලංකා හෝටේල්ස් (පුද්) සමාගමේ ව්‍යාපෘතියකි. මෙහි කළමනාකාරීත්වය ONYX Hospitality Group විසින් සිදුකරනු ලබයි.

    Video Story

    Stock Market

    Exchange Rates