November, 23, 2015
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල, අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට මෙරට එල්.පී. ගෑස් අලෙවියේ නිරත සමාගම් වන ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් පියවර ගෙන තිබේ.
මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු. 1,346 ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු. 572 කි.
2016 අයවැය යෝජනා අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් පහළ දැමීමට යෝජනා කෙරිණි.
Video Story