ගෑස් හිඟය ගැන ලාෆ්ස් මෙසේ කියයි

    February, 19, 2026

    වර්තමානයේ වෙළෙඳපොළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධානම හේතුවක් වනුයේ ලාෆ්ස් ගෑස් සමාගමේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000 එල් පී ගෑස් ආනයන ගබඩා පර්යන්තය, දේශීය එල් පී ගෑස් සැපයුම වෙනුවෙන් භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් වන බවත්  එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටින බවත් ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ මෙරට තුළ අඛණ්ඩ එල් පී ගෑස් සැපයුමක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු ක්‍රියාත්මක ඇති බවට මහජනතාවට සහතික කරන බවයි.

    අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    “මේ අතරතුර, දේශීය ගෑහස්ථ එල් පී ගෑස් ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් සෘජුවම එල් පී ගෑස් කොළඹ වරාය හරහා මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර, එම ගෑස් තොග කොළඹ වරායට ළඟා වූ වහාම අප සිලින්ඩර පිරවුම් පර්යන්තයේ දී සිලින්ඩරගත කිරීමටත් එම සිලින්ඩර කඩිනමින් දිවයින පුරා අඛණ්ඩව බෙදාහැරීමටත් අදාළ මෙහෙයුම් සැලසුම් මේ වන විටත් යොදවා ඇත.“