May, 23, 2016
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, පෙර මාසයේ වාර්තා වූ 2% හා සාපේක්ෂව 2016 අප්‍රේල් මාසයේ දී 3.1% ක් විය. ඒ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය, 2016 මාර්තු මස වාර්තා කරන ලද 1.1% සිට 2016 අප්‍රේල් මාසයේ දී 1.3% දක්වා ඉහළ ගියේය.
කෙසේ වෙතත් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ 4.5% මට්ටමේ නොවෙනස්ව පැවතුණි. මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 මාර්තු මාසයේ වාර්තා කළ 1.7% හා සැසඳීමේ දී 2.2% ක් දක්වා ඉහළ ගිය අතර එය වාර්ෂික සාමාන්‍ය පදනම මත 2.4% ක් විය.
එකතු කළ අගය මත බදු අනුපාතික මෑතක දී ඉහළ නැංවීම සහ එකතු කළ අගය මත බදු හා ජාතික ගොඩනැගීමේ බදුවලට අදාළව පැවති ඇතැම් නිදහස් කිරීම් ඉවත් කිරීම හේතුවෙන් පාරිභෝගිත මිල ගණන්වල එක්වරක් පමණක් සිදුවන ඉහළ යෑමක් අපේක්ෂා කෙරෙන අතරම පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සැපයුම් අංශය අඩාල වීම තුළින් නුදුරු කාලයේ දී මිල ගණන් මත පීඩනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සැපයුම් අංශයේ තාවකාලික බාධා මධ්‍යයේ වුවද නිසි ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය තව දුරටත් මැදි තනි අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Video Story